අදුරු සෙවනැලි -Chapter 05

Start from the beginning
                                    

Flashback

මන් හිටියේ මගේ හොදම යාලුවා එක්ක කෝල් එහෙක..එයාත් ලංකාවේ කෙනෙක් කියල දැනගත්තේ මන් මෙහෙට ආවට පස්සෙයි..කොලේජ් යන කාලේ කොලේජ් එකේ මන් ෆේමස් නිසාම හැමෝම සල්ලිවලට, මගේ ප්‍රසිද්දියට මට ලන් උනත් එයා තමයි එකම කෙනා මන් වැටෙන , මන් දුර්වල වෙන හැමවෙලේකම පස්සෙන් හිටපු..අපෙ බෑන්ඩ් එක වැඩිය ෆේමස් නැති කාලේ ඉදන්ම ලිලී මාත් එක්කම අපෙ බෑන්ඩ් එකට ලොකු සපෝර්ට් එකක් දෙනගමන් හිටියා..ආහ් එයාගේ නම පාටලී...මට ඒක කියෝගන්න අමාරු නිසා මන් හැමදාම කිව්වේ ලිලී කියලා..එයා ඇත්තටම ලිලී මලක් වගේ තමයි..යාලුවෝ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් ශක්තිමත් කෙල්ලෙක් එයා..කොහොම හරි ලිලී මට කියලා තිබ්බේ එයාගේ ඇත්ත අප්පා ෆොරිනර් කෙනෙක් වගේම ඇත්ත ඔම්මා කොරියන් කෙනෙක් කියලා වගේම එයාව දැන් ඉන්න කොරියන් ඔම්මායි අප්පායි අරන් හදාගන්න අරන් තිබ්බේ කියලයි..මන් ලංකාවට යනවා කිව්වාම තමයි එයා මට කිව්වේ එයාගේ ඇත්ත තාත්‍තා ලංකාවේ කෙනෙක් කියලා..ඉතින් මන් එයාටත් මෙහෙට එන්න කිව්වා...මුලදි බෑ කිව්වාත් අන්තිමට එයාගේ යාලුවවත් එක්කගෙන එන්නම් කියලා එයා පොරොන්දු උන..ලිලී ඩොක්ටර් කෙනෙක් නිසාම එයා එන එක ගැන මට තිබ්බේ ලොකු සැනසිල්ලක්...ඉතින් හෙට එයා එන එක ගැන කතා කර කර හිටපු මන් එකපාරටම ගැස්සුනේ මගේ ඇගේ වැදීගෙන ජින් හ්‍යුන්ග් ගිය නිසායි..

පහල අපේ කාමරවලට සිග්නල් නැති නිසා මන් සාලේ ඉදන් කෝල් එකේ හිටියේ..ඒත් එකපාරටම ජින් හ්‍යුන්ග් කරුවලේම මගේ ඇගේ වැදීගෙන දොරත් ඇරන් එලියට යනකොට මන් ලිලීට පස්සේ ගන්නම් කියලා කෝල් එක අරන් එලියට යන්න හදනකොටම කවුරු හරි මගෙන් අතින් අල්ලගත්තා..

🐯 ශ්ශ්ශ්ශ්..කෑ ගහන්න එපා..

මන් බය වෙලා කෑ ගහන්න හදනකොට මගේ කට තද කරලා වැහුව ටේටේ හ්‍යුන්ග් ඇස් වලින් පස්සෙන් එන්න කියලා හ්‍යුන්ගේ පස්සෙන් ගියා..මාත් කුතුහලේ නිසාම ටේටේ හ්‍යුන්ග් එක්ක හ්‍යුන්ගීගේ පස්සෙන් යනකොට අපි දැක්ක දේ එක්ක ඇගම හිරිවැටිලා ගියා..

🐰 එ..එ...එයා උ..ඌව කැ..කැවාද ??

මගේ කටහඩ වෙව්ලනකොට ඇගම ගැහෙනකොට මන් ටේටේ හ්‍යුන්ගීගේ අතේ එල්ලුනා..එයාගේ කියලා වෙනසක් නෑ..එයත් හොදටම ගැහෙනවා..ජින් හ්‍යුන්ග් අපෙ ඇස් ඉස්සරහම කරන දේ දැක්කාම බය නොවී ඉන්නේ කොහොමද ??

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now