අදුරු සෙවනැලි - Chapter 03

Start from the beginning
                                    

ටිකකින් බාත්ටබ් එකේ ඉදන් ලේවලින්ම හැදුන මිනිස් රුවක් මතුවෙලා මගේ පැත්තට එනකොට මට කෑ ගහන්න ඕන උනත් මගේ කටින් වචනයක්වත් පිට උනේ නෑ..ඒ ලේ රුව එකපාරටම මගේ ලගට ඇවිත් මූනට එබෙනකොට ඒ පුලුටු ගදත් එක්ක ඒ සීතලක් මගේ ඇගට හොදට දැනුනා..බයටම ඇස් පිය වෙනකොට ඒ උල් දත් එක්ක නිල් ඇස් හයියෙන් හිනා උනෙ මන් බය වෙලා ඉන්න එකට සතුටින් වගේ..

බයටම ඇස් පිය වෙනකොට ඒ උල් දත් එක්ක නිල් ඇස් හයියෙන් හිනා උනෙ මන් බය වෙලා ඉන්න එකට සතුටින් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හැංගිමුත්තෝ හැංගියෝ....නොපෙන තැනක හැංගියෝ....

හැංගිමුත්තෝ හැංගියෝ...නොපෙන තැනක හැංගියෝ..."

ඒ රූපය ගොරෝසු කටහඩකින් කියනකොට මන් මගේ අත්වලින් කන් තද කරලා වහගත්තා..ලේ වලින් පිරිලා නිසා ඒ රූපේ අදුරගන්න අමාරු උනත් ඒ කටහඩ අදුරගන්න මට අමාරු උනේ නෑ..

" හැංගිමුත්තෝ හැංගියෝ...නොපෙන තැනක හැංගියෝ...මන් උබව මරනවා....මරනවා...උබ මැරෙන්න ඕන...උබ මැරෙන්න ඕන..."

උල් දත් එක්ක මගේ ලගට ආව ඒ රූපේ මගේ බෙල්ලෙන් අල්ලගන්නකොට බයටම මන් ඒ රූපේ ඉස්සරහ මගේ ජිවිතේ ඇද්දා...යාන්තම්වත් ඇස් නොඇරිය මට ඒ ගොරෝසු කට හඩ මගේ බෙල්ල අල්ලන් ගොරවනවා ඇහෙනකොට මන් මගේ බෙල්ල ඒ අත්වලින් ගලවගන්න ලොකු වෙහෙසක් දැරුවා..මගේ බෙල්ලෙන් අල්ලන් මාව උඩට ඉස්සෙනකොට මන් ඇස් ඇරලා බැලුවත් ආයි ඒ ක්ෂණිකයෙන් ඇස් වහගත්තේ ඒ රූපේ බලන්න තිබ්බ බය නිසායි...දත් උල් වෙලා නිල් ඇස් මගේ මූනට එබිලා ඉන්නකොට ඒ අත් රබර් වගේ මගේ බෙල්ලත් එක්කම් මාව උඩට ඉස්සුනා..

🐹 ආහ්හ්...මට ඉන්න දෙන්නා...ඔම්මා....

මගේ කටින් ඉබේටම වගේ ඔම්මා කියලා කියවෙනවත් එක්කම ඌ මාව බිමට අතෑරියා..උඩ ඉදන් බිමට ඇතෑරෙනකොට මගේ අත බිත්තියේ තිබ්බ ඇනේකට හීරිලා තුවාල වෙනකොට මන් බෙල්ල අල්ලන් කහින්න පටන් ගත්තා...

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now