My Alpha - Final chapter

Start from the beginning
                                    

🐰 ම්ම්..මැණික ඔයාට අමාරුද ?? උන් ඔයාට රිද්දුවාද ??

ටේහ්‍යුන් අඩනකොට තවත් කලබල උන ජන්ග්කුක් යකඩ දම්වැල්වලින් බේරෙන්න දගලන ගමන් කෑ ගහනකොට ටේහ්‍යුන් කරේ එයාව ගැටගහලා තියෙන තැනින් ගැලවෙන්න දගලන ගමන් තවත් අඩපු එකයි..

🐭 අහ් දෙන්නා ඇහැරිලා වගේ...මොකද ඔච්චරටම සද්දේ ??

එකපාරටම එයාලා හිටපු කාමරේ දොර ඇරගෙන කෙනෙක් ඇතුලු වෙනකොට ඒ කවුද කියලා අදුරගන්න එයාලට වෙලා ගියේ නෑ..

🐯 හ්..හ්‍යුන්ජින් හ්‍යුන්ග් ??

ටේහ්‍යුන් කුතුහලෙන් අහනකොට හ්‍යුන්ජින් කරේ තව හයියෙන් හිනා උන එකයි..හ්‍යුන්ජිනගේ හිනාවට ටේහ්‍යුන් බය වෙනකොට ජන්ග්කුක් එයාට රවාගෙනම බලාගෙන හිටියා..ජන්ග්කුක්ට මතකයි හ්‍යුන්ජින්වයි...එයා ජන්ග්කුක් ඉස්සරහම ටේහ්‍යුන්ට එක එක ඒවා කියනකොට ජන්ග්කුක් හ්‍යුන්ජින්ට ගහන්න ගියත් ටේහ්‍යුන් එදා බොහොම අමාරුවෙන් එයාව නවත්තගත්තේ..ජන්ග්කුක්ට හිතුනා එදා ඕන දෙයක් වෙච්චි දෙන් කියලා තමන්ට හ්‍යුන්ජින්ට ගහන්න දුන්නා නම් හරි කියලා..

🐭 ඔහ් මොකද ටේහ්‍යුන් මහ ලොකු දුර්වල මේට් මට රවන්නේ ??

ජන්ග්කුක්ගේ නිකටෙන් අල්ලන් හ්‍යුන්ජින් අහනකොට ජන්ග්කුක් එයාගේ මූන ගස්සලා අහක බලාගත්තේ එයාගේ ඇස් කේන්තියටම රතුවීගෙන එනකොටයි..

🐰 තමුසේ ඇයි අපිව මෙහෙට ගෙනාවේ ??

🐭 ම්ම්...ඇයි මන් එදා කිව්වේ ටේහ්‍යුන්ව කොහොම හරි මගේ කරගන්නවා කියලා...ඒකට මන් ඉතින් ඔයාලව අරන් ආවේ..

හ්‍යුන්ජින් හිනා වෙවී කියනකොට ජන්ග්කුක් හිටියේ දරාගන්න බැරි කේන්‍තියෙන්..තමන්ට පරිවර්තනය වෙන්න බැරි එකට තමන් එක්කම කේන්තියෙනුයි ජන්ග්කුක් හිටියේ..

🐰 මගේ ටේටේට මුකුත් කරන්න තමුසෙට බෑ !!

🐭 පුටුවක ගැටගහලා ඉන්න උබ වගේ දුර්වලයෙක් කොහොමද මට එහෙම කියන්නේ ??

ජන්ග්කුක්ගේ කම්මුලට හයියෙන් පාරක් ගහපු හ්‍යුන්ජින් කෑ ගහලා කියනකොට ටේහ්‍යුන් කරේ තවත් හයියෙන් අඩපු එකයි..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now