My Alpha - Chapter 05

Start from the beginning
                                    

ටේහ්‍යුන් අහනකොට ටේහ්‍යුන් කියන හැමදෙයක්ම ඇත්ත කියලා තේරෙනකොට ජන්ග්කුක්ගේ ඔලුව ඉබේටම ඔව් කියලා උඩට පහලට ගියා..අකමැත්තෙන් උනත් එයා ඒක පිලිගන්න ඕන..එතනින් එහාට ඇල්ෆා, ඔමෙගා, බෙටා, මේට් , පැක් එක කියන්නේ මොකක්ද කියලා ජන්ග්කුක්ට කියලා දුන්නා..

🐰 ඒත් ඇයි අපිට ඔයා කියන විදියට වෘකයෙක් විදියට පරිවර්තනය ද මොකක්ද වෙන්න බැරි ??

🐯 ඉස්සර අපේ පැක් එක දෙකට බෙදිලායි තිබ්බේ..ඔයාගේ පපා ,මගේ හ්‍යුන්ග් ,මන් , මගේ පවුල සිල්වර් පැක් එකේ වෙනකොට ඔයාගේ ඩැඩා හොබි හ්‍යුන්ග් රෙඩ් මූන් පැක් එකේ හිටියේ..ඔයාගේ පපා කියන්නේ මගේ ඔම්මාගේ මල්ලි...ඒ කාලේ සිල්‍වර් පැක් එකයි රෙඩ් මූන් පැක් එකයි තරහකාරයෝ..ඒත් රෙඩ් මූන් පැක් එකේ මේන් ඇල්ෆාගේ පුතා ඒ කියන්නේ ඔයාගේ ඩැඩාගේ මේට් සිල්වර් පැක් එකේ ඔමේගා ජින් වෙනකොට පැක් දෙකම ඒකට විරුද්ධ උනා..ඉතින් ඒ නිසා එදා ලොකු සටනක් උනා..මගේ අප්පා වගේම ඔයාගේ ඩැඩාගේ අප්පාත් ඒ සටනෙන් මැරුනා ජන්කූ..අන්තිමට මගේ ඔම්මා හ්‍යුන්ග්නුයි , ජින් සමෝච්චනුයි එක්ක මෙහෙන් පැනලා ගියා..ඒ යනකොට තමයි ඔම්මා දැනගෙන තියෙන්නේ ඔම්මා වගේම ජින් සමෝච්චනුත් ඒ වෙනකොට ප්‍රෙග්නන්ට් කියලා..රෙඩ් මූන් පැක් ඇල්ෆා මැරුනට පස්සේ ඊලග පැක් එකේ අයිතිය ආවේ ඔයාගේ ඩැඩාට..ඒත් එයා ඒ හැමදෙයක්ම හොබි හ්‍යුන්ගීට දීලා එහෙන් පැනලා ඇවිල්ලා අපිව හොයාගෙන..එද තමයි ඔයාගෙ ඩැඩා පපාවත් අරන් මෙහෙන් පැනලා ගිහින් තියෙන්නේ..ඒ වගේම එදා බන්ධනයක් කරලා තියෙනවා ඔයාට ඔයාගේ මේට්ව හම්බුවෙනකම් පරිවර්තනය වෙන්න බැහැ කියලා..ඔයාගේ ඩැඩා ගියාට පස්සේ හොබි හ්‍යුන්ගීගේ මේට් මගේ හ්‍යුන්ග් උන නිසා අන්තිමට පැක් දෙකම එකක් වෙලා..

🐰 එතකොට ඔයාගේ ඔම්මා ??

ජන්ග්කුක් අහනකොට ටේහ්‍යුන්ගේ මූන දුකින් පිරිලා ගියා..ඒ වගෙම මේ වෙනකොට ටේහ්‍යුන් හිටියේ ඇතින්න උඩ ඉදන් ජන්ග්කුකව බදාගෙන ජන්ග්කුක්ගේ උරහිස උඩ ඔලුව තියාගෙන ජන්ග්කුක්ගේ සුවද විදින ගමන්..

🐯 සද දෙව්දුව දෙන්නෙක්ව මේටින්ග් බොන්ඩ් එකකින් එකතු කරන්නේ ඒ දෙන්නාට සදාකාලික බැදීමක් ඇති කරන්න ජන්කු...මගේ අප්පා මැරුනට පස්සේ ඔම්මා ජීවත් උනේ මන් වෙනුවෙන් විතරයි ජන්කු..මන් හම්බුවෙනකොට ඔම්මාත් අප්පා ලගටම ගිහින්...මේට් මැරුනම , මේට් ලග ඉදලත් මේට් තමන්ව පිලිනොගත්තාම දැනෙන වේදනාව වැඩියි ජන්කූ...ඒක රිදෙනවා..මන් මුලින් මගේ ඔම්මාට වෛර කරා මන් වෙනුවෙන් ජීවත් නොවුනට..ඒත් ඔයාව හම්බුවෙලා ඔයා මාව මගහරිනකොට ඔයා මගේ මේට් කියලා දැන දැනත් මට ලන් වෙන්න ඉන්න බැරි වෙනකොට මට හිතුනා ඔම්මා අප්පා ජීවතුන් අතර නැති වෙනකොට කොහොම ඉන්න ඇතිද කියලා..ඒ නිසා මන් තීරණය කරා තව දුරටත් ඔම්මාට වෛර නොකර ඉන්න..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now