Rhythm Part 24

127 47 6
                                    

ඇදහැලෙන නොසන්සුන් වැස්සත් එක්ක ජිමින් එයාගේ බෙන්ස් එක ඩ්‍රයිව් කලේ සැලකිය යුතු වේගයකින්. ජොන්කුක්ට කතා කරන්න උවමනාවක් තිබුනත් ඇස් රතු පාටට හරවගෙන කිසිම කතාවක් නැතුව ඩ්‍රයිව් කරන ජිමින් නිසා ජොන්කුක් කලේ එයාගේම තොල් තෙරපන ගමන් මේ දිහා බලන් හිටපු එක. ⁣ජිමින්ගේ අත් පුරාවට කැපිලා පේන නහරත් නිසා ජිමින්ට කතා කරන්න බැරිකමකුත් ජොන්කුක්ට තිබුනා. මොකද ජිමින්ව මේ වගේ තත්වයකින් ජොන්කුක් දකින පළවෙනි වතාව මේක. ජිමින් කියන්නේ හරිම අඩුවෙන් තරහා ගන්න මනුස්සයෙක්. එයා හරිම සොෆ්ට් විදියට සැහැල්ලු විදියට ඉන්නවා උනත් එහෙම අයට තරහා ගියාම මොන වගේ ඇතිද කියලා හිතාගන්න ජොන්කුක්ට පුලුවන් කමක් තිබුනා.

" හේ...හ්‍යෝන්......"

" මට දැන් කතා කරන්න බෑ.. ජොන්කුකා.. රෑය ⁣බඩගිනි වුනොත් මොනා හරි හදන් කන්න...ගුඩ්නයිට්.."

ජොන්කුක් බෙන්ස් එක ඇතුළේ ඉද්දිම ජිමින් එයාගේ අපාට්මන්ට් එක ඇතුළට ගියා. හවස හයයි ගානකට කොහෙත්ම ජිමින් නිදාගන්නැති විත්තිය ජොන්කුක් දැනගෙන හිටියා. හුස්මක් අරගත්තු ජොන්කුක් ඉක්මනින් ජිමින් පස්සෙන් එලිවේටර් එක දිහාවට ගියා. ජොන්කුක් අපාට්මන්ට් එකට ඇතුලු වෙද්දිත් ජිමින් ස්ටෙයාකේස් එක නැගලා ඉවර වෙලා තිබුනා.

රෑම් එකට එනවත් එක්කම දොර වහගත්ත ජිමින් එයා ඇදගෙන හිටපු ටී ගලවලා බෙඩ් එක උඩට වැරෙන් අතඇරියා. බෙඩ් එක ගාවම සයිඩ් ටේබල් එක උඩ තිබුනු වාස් එක ඇහැගැටුණු ගමන්ම ඒක අරගත්තු ජිමින් ඒක එයාගේ ලොකුම ලොකු මිරර් එක දිහාවට විසි කරලා දැම්මා. මහ සද්දෙට වීදුරැ බිදිලා යද්දි ජිමින් එහෙම්ම බිම ඉදගත්තා. ඇරලා දාලා තිබුනු බැල්කනි එකෙන් එන තද හුළඟ නිසා අලු පාට ජනේල් තිරරෙදි ඔහේ ගහගෙන යද්දි හිරිකඩත් රෑම් එකට ඇවිත් තිබුනා. ජිමින්ගේ රතු වුනු ඇස්වලින් කඳුලු පේළි කිහිපයක් කඩන් වැටුණා.

" අහ්... අප්පායො..."
( රිදෙනවා )

ජිමින් එයාගේ පපුවත් මිරිකගෙන බෙඩ් එකට හේත්තු වෙලා ඔලුව බෙඩ් එකට බර කරගත්තා. විනාඩි කිහිපයක් එහෙම හිටපු ජිමින්ට දැනුනේ තදින්ම එයාගේ ඔලුව වේදනා දෙන විදිය. සයිඩ් ටේබල් එක උඩ තිබුනු එයාගේ බෙහෙත් දිහා ජිමින් විනාඩි කිහිපයක් බලන් හිටියා. එතනින් නැගිට ගත්තු ජිමින් ⁣එයාගේ මිනි ෆ්‍රිජ් එකෙන් බියර් එකක් අතට ගත්තා. සෝජුවලින් දැනුන මත් බව එයාගේ සිරැරෙන් බැහැරෙන වෙන බව ජිමින්ට දැනුනා. බියර් කෑන් එක කඩාගෙන ආපු ජිමින් ඒකත් එක්ක එයාට යුන්ගි නියමිත කරල තිබුනු බෙහෙත් ටික බීලා දැම්මේ ස්ලීපින් ටැබ්ලට් එකකුත් එක්කමයි.

LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now