Rhythm Part 35

301 52 119
                                    



Few years later

ජිමින් හිටියේ එයාගේ මේක්අප් රෑම් එකේ සුවපහසු පුටුවක ඉදගෙන. සෙමී හිටියේ හෙයා කලරිස්ට් කෙනෙක් එක්ක කතා කරන ගමන්. එයාලා ලෑස්ති වුනේ ජිමින්ගේ කොන්⁣ඩේ කලර් කරන්න. එතකොට ජිමින් හිටියේ මිරර් එකෙන් පේන මින්ශිට ඇස්වලින් කතා කරන ගමන්.

තොල් උල් කරන ගමන්.... තොල් හපන ගමන්... ඇස් ගහන ගමන්.. ජිමින් කරන විකාර දිහා මින්ශි බලන් හිටියේ ඇස් දෙකත් උඩට රෝල් කරගෙන. එයා එයාගේ හිනාව පාලනය කරගෙන හිටියේ. මොකද එයාට ජිමින් එක්ක කේන්තියෙන් ඉන්න සිද්ධ වෙලා තිබුනා.

ඊයේ හවස ඉදන් මින්ශි හිටියේ එයාගේ කේස් එකක් විසදන්න මහන්සි වෙන ගමන්. අද උදේ මින්ශි එයාගේ අපාට්මන්ට් එකට එනකොට එයාගේ ඇස් ඉස්සරහා දකින්න තිබුනේ ඒතරම් හොද දෙයක් නෙමෙයි.

ජිමින්...... හොඳයි ජිමින්.. කලින් දවසේ රෑ මින්ශිගේ අපාට්මන්ට් එකට කඩා පැනලා තිබුනා. මොකද දවස් ගානකින් හම්බ නොවුන නිසා එයා හිටියේ පුදුම තදියමකින්. මින්ශිව දකින්න....

ඒත් මින්ශි නැතුව මින්ශිගේ තඩි බලු කුක්කා පෙපර් විතරක් අපාට්මන්ට් එක රජකරන ගමන් ඉද්දි ජිමින්ගේ මූණ හැකිලිලා ගියා. එයාගේ ප්ලෑන්ස් ඔක්කොම හේදිලා ගිහින්. ඉතින් ජිමින් ඒ ගෙවුණු රැය ගත කලේ එයාගේ ෆෙරාරියේ තිබුන විස්කි එකකට වග කියන ගමන්.

ජිමින් කියන්නේ හැමඅතින්ම හොඳ කෙනෙක් නිසා එයා විස්කි එක පෙපර් එක්ක බෙදාගත්තා. මොකද දැන් එයාලා දෙන්නා මින්ශිව බෙදාගන්න ඇග්‍රීමන්ට් ගහලාත් නේ ඉන්නේ. පළවෙනි වතාවට විස්කි බිව්ව පෙපර් හරිම උද්යෝගයෙන් අපාට්මන්ට් එක පුරාම දුව දුව නට නට හිටියා. ඒ නැටිල්ලේ තරමට පිළිවලට තිබුන මින්ශිගේ අපාට්මන්ට් එක උඩුයටිකුරැ වෙලා තිබුනා. අනික් අතට කොහෙද මන්දා තිබිලා හම්බුන මින්ශිගේ  ඇදුම් ජාතිත් පෙපර් පටලගෙන හිටියා.

මින්ශිගේ ඇදුම් පටලගෙන හිටපු පෙපර්ව අන්තිමට ජිමින්ට පෙනුනේ මින්ශි වගේ. විස්කි එකේ පවර් එකත් එක්ක අන්තිමට ජිමින් පෙපර්ව හග් කරගෙන එයාට මින්ශිව කොයිතරම් නම් මිස් වෙනවද කියලා කියන ගමන් හරිම ඉමෝශනල් පැය කිහිපයක් ගත කලා. හොටු සිරැවා කියලා කියන්නත් පුලුවන් ඒ ඉමෝශනල් වීම. අන්තිමට ජිමින් වගේම පෙපර් තුරුල් වෙලා නින්දට වැටුනේ ලිවින් ඒරියා එකේ බිම. මොකද එතන කොට්ට වගේම ⁣ඩුවට්... පිරිලා උණුසුමට පෙපර් ලෑස්ති කරගත්තා නේ.

LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now