Rhythm Part 13

165 48 19
                                    

මිනිස් ලොවට වඩා සඳ හංස ලොව සමඟින් තද බැදීමකින් සිටින නිසා සඳ වඩාත් ආසන්නව සහ විශාලව දැක ගන්නට හංස ලොවෙහි වෙසෙන්නට පුලුවන් උනා. වසර දහස් ගණනකට පෙර අර්ධ හංසයින් සඳ දෙව්දුවගෙන් ලද ආශිර්වාදය සමඟින් උපත ලබන නිසා ඔවුන් හට අමරණීත්වය හිමිව තිබුනා. තමා කුඩා කාලයේ පටන්ම සඳ දක්නා විට මතකයට නැගෙන දේ ජිමින් මෙනෙහි කරමින් සිටියේ ඔහුගේ කුටියේ සඳලුතලයට වී සඳ දෙස බලන ගමන්මයි. සද රැස් ධාරා තම මුහුණ සිපගන්නා විට ජිමින් තම දෑස් වසාගත්තා. එකෙනෙහිම ඔහුගේ මතකයට නැගුනේ අලු පැහැ දෑස් ඇත්තියවයි.

උණුසුම් සිනාවකින් සඳ දෙස බැලු කුමරැගේ මතකය පෙර දින රැය වෙතට ඇදි ගියා. සඳ එළිය වැටි දිලිසුන විල මත රංගනයේ යෙදුනු ඇගේ ඡායාවන් කුමරැගේ මනස පුරා ඇදි යන්නට පටන් ගත්තා. ඇය නර්තනයේ යෙදුණු වාදනය ඔහුගේ සවන් පුරා ඇකීමැකි යන්නට පටන් ගත්තා.

" හ්හ... ඇයිට තුති පුදන්නටවත් නොහැකි වුනා... "

රාජධානිය ආසන්නයටම පැමිණි පසු ඇය අතුරැදහන් වුන අයුරැ මෙනෙහි කරමින් කුමරැන් කම්පාවුනා. තවත් මොහොතක් එහි සිටි කුමරැන් තම සයනයට ගියේ සැතපීම සඳහායි. නමුත් ඇගේ අලු පැහැ දෑස් කුමරැගේ නින්දට විටින් විට බාධා එල්ල කල නිසා කුමරැන් හට නිසි විවේකයක් නොලැබී ගියා.

දින ගතවීමත් සමඟම කුමරැන් හට ඈ පිළිබඳ මතකය මදක් ගිලිහි ගිය අතර කුමරැන් තම සටන් හා බල පුහුණුවීම් සඳහා වෙහෙසුනා.

" අසිපත හැසිරවීමේදි... මීට වඩා වේගවත් වන්න..."

අසිපත් හරඹ පුහුණුවක සිටි ජිමින් ටේයෝන් හට පැවසුවේ ඔහුගේ අසිපත බිම හෙලා දැමු පසුවයි.

" ඕහ්.. රාජ කුමාර.. නූඹයි සිග්නස්හි වේගවත්ම අසිපත් හසුරවන්නා.. සියල්ලෝම නූඹ හා සටන් වැදීමට පැකිලෙන විට මා කෙසේ හෝ... නුඹට ප්‍රතිප්‍රහාර එල්ල කරනවාට සතුටු වනු.. මාද නැතිනම්... නුඹ නොසෙල්වෙන ගසක් සමඟ පුහුණු වන්නට තිබුනා.. හ්හ... ඇරත්.. කිමටද මෙතරම්.. පුහුණු..... මාගේ දෑත් ද හිරිවැටී ගොසින්... "

ටේයෝන්.. කුමරැ හට දිගින් දිගටම දෝශාරෝපණ එල්ල කරන විට ජිමින් සිනාසෙන ගමන් අසිපත පහත හෙලුවා.

LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now