Rhythm Part 09

217 55 70
                                    

ජිමින්ගේ මුලු අපාට්මන්ට් එක පුරාම පැතිරිලා තිබුන ස්ලෝ මෝශන් ජෑස් මියුසික් එකට හේතුව උනේ ටේයෝන්. පහළ ලිවින් රෑම් එකේ හිටපු ටේයෝන් එයාගේ ලැප් එකේ ජිමින්ගේ ශෙඩූල්ස් වගයක් හරිගස්සනගමන් ඉද්දි ජිමින් හිටියේ එයාගේ සුවපහසු ඇදට වෙලා කොට්ටෙකුත් බදාගෙනයි.

කිම් ජේයොන්ග්ගෙ හදිසි අතුරැදහන්වීමෙන් දවස් කිහිපයක් ගත වෙලා තිබුනා වගේම ඒ ගැන ජිමින්ගේ හිත වද උනත් ඒ වෙද්දි එයාගේ හිත ඕනාවට වඩා දෙයක් ගැන හිතමින් වදවුනා.

" ඩිටෙක්ටිව්.. ගාව ඉද්දි ඇයි මට මහ... වියර්ඩ් ෆිලින්ග් එකක් දැනෙන්නේ....? "

" මේ බී.... එයා මාව කෙයා කරන්නැති නිසාද... නෝ..වේ... එයා මාව කෙයා කරන නිසානේ.. ඔච්චර පස්සෙන් එන්නේ... "

" ඒක එයාගේ ඩියුටි එක... නේ... "

" ආාාාශ්....... හරි සිහියට එනවා..... පාක් ජිමින්........"

ඇදේ ඒ මේ අතට පෙරලෙන ගමන් හිටපු ජිමින් එයාටම කෑ ගහන්න ගමන් ඇදෙන් බැස්සේ එක දිගට එක එක දේවල් කියවන එයාගේම හිත නිසයි. හිතේ තියන දේවල් පැත්තක දාන්න හදන හැම වෙලාවකම ජිමින්ට මතක් උනේ මින්ශි එයාගේ අතින් ඇදන් හදිස්සියෙම අපාට්මන්ට් එකට ආපු විදියයි. මින්ශිගේ අලු පාට ඇස්වල තිබුන හැඟිම් කියවගන්න ජිමින්ට ඕන උනා. ඒත් ඒ ඇස් දිහා බලන හැමවෙලාවකම එයාට මහ අමුතු හැඟිමක් වගේම වේදනාවක් දැනෙන්නේ ඇයි කියලා ජිමින්ට තේරැනේ නැහැ.

" ආාහ්හහ... ස්ටොප්.... තින්කින්.. කම් ටු යුවර් සෙල්ෆ්..... පාක් ජිමින්......."

රෑම් එක පුරා එහෙට මෙහෙට ඇවිද්ද ජිමින් ආයමත් බෙඩ් එකට වැටුනේ ඇස් දෙකමත් වහගෙනයි. සාමාන්‍යයෙන් ජිමින් එයාගේ දේවල් ගැන වැඩියෙන් හිතන කෙනෙක්... ඒත් ඒ ගතිය එක්ක එයාට එයාගේ බීසි ලයිෆ් එකත් එක්ක හැප්පෙන්න ආමාරැ නිසාම හිතන දේවල් අඩුවෙන් හිතන්න ජිමින් පුරැදු වෙලා හිටියා. නැත්නම් හිතන්න කියලා හිත බල කරන දේවල් පැත්තකට දාන්න ජිමින් පුරැදු වෙලා හිටියා. එහෙම නැතුව එයාට හරියටම ලෝකයක් ඉස්සරහා පාක් ජිමින් කියන චරිතේ වෙන්න ආමාරැයි.

ඒත් මෙතනද... එයාට දැනුනේ අතරමං වුන හැඟිමක්. එයා කොච්චර ඒක අවෝයිඩ් කරන්න හැදුවත් එකම දේවල් ටික ජිමින් වටේට කැරකි කැරකි තිබුනා. ජිමින් එයාගේ ඇස් දෙක ඇරියේ පුංචි පුංචි සිනිඳු ලොම් වල ස්පර්ශයක් දැනුන නිසයි.

LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now