Rhythm Part 28

232 48 84
                                    

ජිමින් මින්ශි දෙන්නාගේ ආරවුල් විසදුනාට පස්සේ ගත වුනේ සාමකාමී දවස් කිහිපයක්. ඒ ගත වුන දවස් කිහිපයට ඒ දෙන්නා දැනගත්තා එයාලගේ බැඳීමට කොයිතරම් නම් එකිනෙකා කැමතිද කියන්න. ඒ එක්කම ටේයෝන් අවුරැදු ගානක් පුරාවට හිතේ තියන් හිටපු එයාගේ හැඟීම් හැමදෙයක් ගැනමත් සෙමීට පැහිදිලි කලා.

මුලදි පොඩි පැකිලීමකින් හිටියත් කතා කරන්න පටන් ගත්තට පස්සේ ටේයෝන් හරිම ආදරණීය විදියට ⁣එයාගේ හැඟීම් ගැන කතා කලා. ඒක සිද්ධ වුනේ එයාලා ගොඩක් දුරට පොඩි පොඩි ගැදරින්වලට එකතු වෙන ක්ලබ් එකේදි. එදා එතනට ජොන්කුක් වගේම ජිමින්ගේ ග්‍රහණයට හිර වෙලා හිටපු මින්ශිත් හිටියා. අන්තිමට ඇස්වල කඳුලු පුරවගත්ත සෙමී ටේයෝන්ව ඇදලා හග් කලා⁣ට පස්සේ ටේයෝන්ගේ නොසන්සුන් කලබලකාරි ගතිය සම්පූර්ණයෙන්ම පහවෙලා ගියා. මොකද ඒ හග් එකෙන් එතන හිටපු හැමෝටම තේරැනා සෙමී කොයිතරම් නම් ඒ මොට්ට ටේයෝන්ට කැමති ද.. ආදරේද කියලා.

ඔය විදියට සෙමීටේ දෙන්නා වගේම ජිමින් මින්ශි දෙන්නත් එයාලාගේ හැඟීම් පැහිදිලි කරගත්තට පස්සේ අසරණ ජොන්කුක්ට ඉතුරු වුනේ වොඩ්කා බොට්ල් එකක් විතරයි. එදා ක්ලබ් එකේදිත් ජිමින් මින්ශිව ඇදගෙන පැත්තකට වෙද්දි සෙමීටේ දෙන්නා අනික් පැත්තට වුනා. අතර මැද තනිවුන ජොන්කුක් වොඩ්කා බොට්ල් එකට වගකිව්වේ කරන්න කියලා වි⁣ශේෂ දෙයක් නොතිබුන නිසයි. ⁣

පුංචි දිලිසෙන රෙදි කෑලි පටල ගත්ත එක එක ජාතියේ තරැණියන් ක්ලබ් එකේ එහෙ මෙහෙ යන දිහා බලන ගමන් ජොන්කුක් එයාගේ වොඩ්කා බොට්ල් එක ඉවර කලා. එයා නොදැනුවත්වම තවත් බොට්ල් එකක් ඉවර කරපු නිසා අන්තිමට ටේයෝන්ට වගේම ජිමින්ට සිද්ධ වුනා වොඩ්කා නිසා මත් වුන මෙසි ජොන්කුක් කෙනෙක්ව වත්තම් කරගෙන අපාට්මන්ට් එකට යන්න. අපාට්මන්ට් එකට යනකල්ම ජොන්කුක් හිටියේ පිස්සු හැදුණු තඩි හාවෙක් වගේ එහාට මෙහාට වෙන ගමන් එයාට ආදරේ කරන්න කෙල්ලෙක් නැති එක ගැන ජිමින්ට වගේම ටේයෝන්ට සසරම එපා කරවන ගමන්.

බෙඩ් එක උඩට අතඇරියට පස්සේ කිසිම දෙයක් නොකරපු අහිංසක තඩි හාවෙක් වගේ ජොන්කුක් ඩිවුට් එකට ගුලි වුනා. ජොන්කුක්ව හසුරවලා තිබුන මහන්සියටත් එක්ක ජිමින් වගේම ටේයොනුත් ඒ බෙඩ් එක උඩටම කඩන් වැටුණා. වුනු දේවල් වලින් අන්තිමට සිද්ධ වුනේ මේ හැමෝම අතරේ තිබුනු බැඳීම තවත් ශක්තිමත් වුන එක වගේම එකිනෙකාට සමීප වුන එක.

LOVE RHYTHM || PJM || COMPLETEDKde žijí příběhy. Začni objevovat