Rhythm Part 11

154 52 49
                                    

පර්ෆෝමන්ස් එකට වෙන් කරලා තිබුන කොස්ටියුම් එක වගේම මේක්අප් එකත් කරගත්තු ජිමින් හිටියේ ඩ්‍රෙස්රෑම් එකේ කන්නාඩිය ඉස්සරහ ඉදගෙනයි. කන්නාඩිය තුළින් පේන එයාගේ ප්‍රතිබිම්බයේම නුහුරැවක් ජිමින්ට දැනුනා. ඒක හරිම අමුතු හැඟිමක් වුන නිසා ජිමින් ඇස් පියාගෙන පුටුවට එයාගේ ඔලුව බර කරගත්තා.

ඇස් පියාගත්තු ගමන් එයාට මතක් වුනේ මින්ශිගේ අලු පාට ඇස්.. ඒත් එක්කම එයාට මතක් උනා දවස් ගානකට කලින් එයාලා අතර වුන එපා කරපු සිද්ධිය.

" ෆොගොට් දැට් ශිට්... ජිමින්..."

ගැඹුරැ හඬකින් තමන්ටම මුමුණ ගත්ත ජිමින් වේගයෙන් පුටුවෙන් නැගිට්ටා. එයාගේ කොන්ඩේ අතරින් අත යවලා කොන්ඩේ පිටිපස්සට කරපු ජිමින් හිනි වුන තියුණු ඇස් එක්ක කන්නාඩිය දිහා බැලුවා. ඒ නිසා ජිමින්ට ලැබිලා තිබුනේ හරිම තද සීතල චරිතයක් වගේ පෙනුමක්.

තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලන් හිටපු ජිමින් එකපාරම ගැස්සිලා ගියේ එයාගේ ප්‍රතිබිම්බය එයාටම හිනාවෙන්න ගත්ත නිසයි. මුවඟින් නැගිලා තිබුන ඒ හිනාවේ ගැබ් වෙලා තිබුනේ අවඥාවක් වගේම කෝපයක්. ඒත් ජිමින්ට හොඳටම විශ්වාසයි එයා එහෙම මුහුණකින් ඉන්නැති බව.

" ච්හ්...... "

ජිමින් එයාගේ ඔලුව ගසලා දාලා ඇසිපිය ගසලා ආයමත් කන්නාඩිය දිහා බලද්දි පෙනුනේ පුදුමයෙන් ඒ දිහා බලන් ඉන්න එයාවමයි.

" ආාශ්...... මට පිස්සු හැදීගෙන එනවද කොහෙද....... "


මීට කලිනුත් ඒ වගේ දෙයක් වුනා කියලා මතක තිබුනත් ජිමින් ඒක ගනන් නොගෙන රෑම් එකෙන් එළියට යන්න ලැස්ති වුනා.

" මොකක් හරි ප්‍රශ්නයක් ද හ්‍යෝන්..? "

" නැහැ.. ජොන්කුක් අවුලක් නැ.."

ජිමින් දිහා බලන් ඉදපු ජොන්කුක් සැලකිලිමත් පෙනුමකින් අහද්දි හිනාවුන ජිමින් ජොන්කුක්ට කිව්වා.


" ජිමිනා... ස්ටේජ් එකට ටයිම් එක හරි.. "


රෑම් එකේ දොර වේගෙන් ඇරලා ටේයෝන් කියද්දි ජිමින් රෑම් එකෙන් එළියට ආවේ ජොන්කුක් එයාලා පස්සෙන් එද්දියි. පර්ෆෝමන්ස් එක අතරතුරේදි ජිමින් එයාගේ උපරිමය කලා. ඒ නිසාම ජිමින්ට පුලුවන් උනා එයාගේ කලබල වෙලා තියන හිත සන්සුන් කරගන්න. පර්ෆෝමන්ස් එක අතරතුරේදි ජිමින්ට පෙනුනා එයා දිහා බලන් ඉන්න මින්ශිව. පර්ෆෝමන්ස් එක ඉවර වෙන්න කලින් ස්ටේජ් එකෙන් ඈතට යන මින්ශිව දකිද්දි ජිමින්ට යම් හිස් බවක් දැනුනා. ඒ නිසා එයා තිරණය කලා මෙච්චර දවස් මින්ශිව ඉග්නෝ කරපු එක වගේම එයා කියපු දේවල් අමතක කරලා දාන්න. මින්ශිව යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න ඕනකමක් තදින්ම ජිමින්ට දැනුනා.

LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now