Rhythm Part 34

174 49 42
                                    




අන්තිම පාරට සොක්ජින් වගේම හෙසෝ්ක් ජිමින්ව හම්බවෙන්න ආපු දවසේ තිබුනේ තරමක ගුප්තබවක්. ජිමින් එයාගේ හිතේ තිබුන කලබල ගතිය මදකට යටපත් කරගෙන එයාගේ කාර් එක පිටිපස්සේ ඉදගෙන ඉන්න සොක්ජින් වගේම හෙසෝක් දිහා ආයමත් බැලුවා. ටේයෝන්ට වුනු දේ ගැන හිතද්දි ජිමින්ට දැනෙන හැඟීම එයාව හුඟක් වේදනාවට පත් කලා.


" හ්‍යෝන් එතකොට ඔයාලාට මොකක්ද මට කියන්න තියන්නේ...? "

ජිමින් එයාගේ බිදුණු හඬ තරමක් හසුරවමින් කතා කලා. හුස්මක් ගත්ත සොක්ජින් ජිමින් දිහා බැලුවා.



" ජි...මින් බ්ලැක් ස්වෑන් කෙනෙක්ට හිටියේ.. මින්ශිම විතරක් නෙමෙයි..."

"⁣ මොකක්......? "

" අපිත් මේක ගැන හරියටම දැනගත්තේ ඇඳුරැතුමා එයාගේ කාලය අවසන් කරන්න ටික වෙලාවකට කලින්.. එයා අපිට මේ තරම් කාලයක් හංගපු දෙයක් ගැන කිව්වා...."


" ඇඳුරැතුමා... කාලය අවසන් කලා කිව්වේ....? "


" එතුමා ජීවත් වෙන්න අධිඨන් කල අවුරැදු ගණන  ඉවර උනේ දවස් කිහිපයකට කලින්... ඔයාට මතකද දන්නැ... බලවත් කෙනෙක්ට එහෙම කරන්න පුලුවන්.. "




" හරි... මොකක්ද දැන් ඒ හැංගුව දේ..? "




" අපි දඩයම් කරපු දවස.. මතකයිනේ.. එදා අපි හංසයන් දෙන්නෙක් පස්සෙන් ගිහින් තියන්නේ... ජිමින් ඔයා මින්ශි පස්සේ ගිහින් ඉද්දි... මම ගිහින් තිබුනු වෙන හංසයෙක් පස්සේ.. ඒත් අපිට ඒක තේරැනෙත් නෑ.. මට ඒ හංසයාව අල්ලගන්න ලැබුනෙත් නැහැ.."



" කවුද... ඒ..... එතකොට...? "




" මි...න්ශිගේ යාලුවා..... පොඩි කාලේ ඉදන් මින්ශි එක්ක එකට හිටපු එකම කෙනා.. "




" ඔයාගේ නිවුන් සහෝදරයා... ජිමින්....... ඔයාගේ බාල සහෝදරයා ජේමින්..."






සොක්ජින් කියද්දි ජිමින්ට දැනුනේ එයාට ඇහුන දේවල් විශ්වාස කරන්න අපහසුබවක්. සහෝදරයෙක්..... එයාට... එහෙම මතකයක් කොහෙත්ම එයාට තිබුනේ නැහැ. ජිමින් පුදුම උන ඇස් එක්ක සොක්ජින් දිහා බලාගෙන හිටියා.



LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now