Rhythm Part 25

153 48 46
                                    

ජොන්කුක් ජිමින්ගේ පැරිස් ගමන ගැන කිව්ව ගමන්ම මින්ශිට ඕන උනා ඒ ඇස් දකින්න. හේතුවක් නොතේරැනත් මින්ශි එයාගේ බයික් එක අරගෙන පාරට ආවේ හරිම ඉක්මනින්.

ජිමින් පිටත් වෙලා විනාඩි කිහිපයකින් එයාපෝට් එකෙන් ආව මින්ශි කෙලින්ම ගියේ එයාගේ අපාට්මන්ට් එකට. ස්ටේශන් එකට යන්න හිතාගෙන හිටියත් එතන ගිහින් වැඩකට අවධානයක් දෙන්න බැරිවෙයි කියලා හිතුන නිසා මින්ශි නොයා ඉන්න තීරණය කලා. අපාට්මන්ට් එකට ආව ගමන්ම පෙපර් කලේ මින්ශිව පෙරළගත්ත එක. වෙනදට මින්ශි පෙපර්ව වඩාගත්ත අද එයා පෙපර්වත් තුරුලු කරගෙන බිමිට ගුලි වුනා. පෙපර් එයාගේ මමාගේ මූණේ තියන හැඟීම් තේරැම් අරගෙන වගේ කෙඳිරි ගාන ගමන් මින්ශි ඉම්බා.

" පෙ..පර්.. ඇයි ඔයා එයාට එච්චර බිරැවේ..? "

" ජිමින්......ශි එච්චර නරක නෑ... "

" ඔයාට තේරැන නිසාද බිරැවේ... ජිමින් නිසා.. මමා දුකින් ඉදි කියලා.. ? "

මින්ශි පෙපර්ගේ ඔලුව අතගාන ගමන් කිව්වේ එයාගේ බෝල කලු පාට ඇස් දෙක දිහා බලන්. පෙපර් කලේ පුංචියට කෙඳිරි ගාන ගමන් මින්ශිට තුරුල් වුන එක.

" හ්හ.. මෙතන නිදාගන්න බෑ.. පෙපර්.. "

" ඔයා දන්නවද.. මමාට වෙලා තියන්නේ මොකක්ද කියලා... මමාට මේ කිසි දෙයක් තේරෙන්නැ.. "

" කමක් නෑ... එන්නකො.. මමා චේන්ජ් කරගෙන එන්නම්.. අපි.. බෙඩ් එකට ගිහින් නිදාගමු... "



මින්ශි එයාගේ ඇඳුම් ගලවන ගමන් වොශ්රෑම් එකට ගියා. බාත්ටබ් එකට මද රස්නේ වතුර එක්ක බබල්ස් එකතු කරගත්තාට පස්සේ මින්ශි බාත්ටබ් එකේ දිගාවුනා. මින්ශි එයාගේ රිදුම් දෙන ඔලුව බත්ටබ් එකේ ගැට්ටකට හිර කරගත්තා. පියවුන එයාගේ ඇස්වලින් කඳුළක් පහළට වැටුනත්.. ඒ කඳුලට හරි හමන් හේතුවක් මින්ශි දැනගෙන හිටියේ නැහැ.

කලින් දවසේ ජිමින් එයාව තනි කරලා ගිය මොහොතේ ඉදන් මින්ශිට දැනුනේ එයාවම නැතිවුන බවක්. මින්ශිගේ හිත ජිමින්ව නතර කරන්න පොරබදිමින් හිටියේ ජිමින් නිසා දැනුන ඒ උණුහුමට ලෝබ වෙනගමන්. තමන්ව ජිමින් දිහාවටම යොමුවෙන්නේ ඇයි කියන්න මින්ශිට තේරැමක් තිබුනේ නැහැ. ඒත් හිත තදින්ම ජිමින්ව ඉල්ලන විදිය.. ඒ ඇස් දකින්න තියන ආසාව.. ජිමින්ව රැකගන්න තියන බය.. වගේ හැඟීම් ගොඩක් මින්ශිට දැනුනා.

LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now