Rhythm Part 10

163 48 62
                                    


" සිහියෙන් ඉන්නවා.. පාක් ජිමින්... තමුසෙට ඔල්මාදේද....."

" කරැණාකරලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් ඔය මනස්ගාත ලෙඩ ටික හොඳ කරගන්නවා..."

" මට තමුන් ගාව ඉද්දි දැනෙන දෙයක් නැහැ.. මම ඔහේ වගේ ආඩම්බර මිනිස්සුන්ට කොහොමත් කැමති නැහැ.. අහ්හ.. කොයි වෙලාවේ නැති වෙයිද කියලා හිතන්න ගිහින් නම් පිස්සු හැදෙනවා... "


නිදාගෙන හිටපු මින්ශි ඇහැරැනේ එයාගේ කන් අස්සේ දෝංකාර දුන්න එයාගෙම කටහඬ නිසයි. දැන් දවස් දෙකකට කලින් ජිමින් එක්ක කැෆටේරියා එකේ ඉද්දි ජිමින් අහපු ප්‍රශ්නවලට එයා උත්තර දීපු විදිය මතක් වෙද්දි මින්ශි දැනුනේ.......... ටිකක් එපා කරපු හැඟීමක්.

" මම එයාට කියපු දේවල් ඕනාවට වඩා වැඩී ද මන්දා... "

බෙඩ් එකේ ඉදගත්ත මින්ශි එයාටම කිව්වා. ඒවෙලාවේ එයා එන්න කලින් ජිමින්ගේ මූණ තිබුනේ පුම්බලා පුම්බලා ඔහේ අතඇරලා දාපු බැලුමක් වගේ. එයාගේ ඇස්වල තිබුනේ පාරේ අතරමංකරලා ගියපු බලු පැටියෙක් වගේ පෙනුමක්.

ඒක මතක් වෙද්දි මින්ශිගේ හිත ටිකක් හෙල්ලිලා ගියා. ඒ වගේම ඊයේ දවසම ජිමින් එයා දිහා වැරදිලාවත් බලන්න උත්සහා කලේ නැහැ. මින්ශි ජිමින්ට සොරි කියන්න උත්සහ කලත් යුන්වා එක්ක ඩාන්ස් ප්‍රැක්ටිස් එකට ජිමින් බිසී වෙලා හිටිය නිසා ඒකට අවස්ථාවක් එයාට ලැබුනේ නැහැ.

" එයා...ප්‍රැක්ටිස් පටන් ගන්න කලින්.... කතා කරලා සොරි කියනවා... "

එහෙම හිතන ගමන් බෙඩ් එකෙන් බැහැපු මින්ශි ෆෝන් එකෙන් වෙලාවත් බලන ගමන් වොශ්රෑම් එකට ගියා. ඉක්මනින්ම වොශ් කරගෙන ලෑස්ති උන මින්ශි නිල් පාට ඩෙනිම් කලිසමකට සුදු පාට ටී එකක් ඇදලා කොන්⁣ඩේට පෝනිටේල් එකක් දාගත්තා. උදේට කන එක පැත්තකට දාපු මින්ශි බයික් එකේ යතුරත් අරන් එළියට යද්දිම එයාගේ⁣ ෆෝන් එක රින්ග් උනා.

" ගුඩ්මෝනින් ජොන්කුක්.... "

"අහ්.. ගුඩ්මෝනින් නුනා.. ඔයාගේ නින්ද කැඩුනද දන්නැ.. ඒත් ගුඩ් නිවුස් එකක් කියන්න ගත්තේ... ඔයා වෙනුවට මට හයිබ් එකට යන්න කියලා නම්ජුන් හ්‍යෝන් මේ දැන් ⁣ටිකකට කලින් කිව්වා.. ජිමින් ටේයෝන්ශිට කියලා.. මේල් ඔෆිසර්⁣ කෙනෙක් හිටියා නම් හොඳයි කියලා.. සෝ.... දැන් ඔයාට තව පැය ටිකක් හොඳට නිදාගන්න පුලුවන්... මම ඔයාගේ ටේබල් එක උඩින් මම ස්ටඩී කරපු කේස් ෆයිල් ටික තිබ්බා... හිමීට ඒ ටික බලන්න.. "

LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now