Rhythm Part 18

170 48 31
                                    

ජිමින් වනයෙන් පිටව ගියේ මින්ශිව ඇගේ සුපුරුදු නවාතැන වෙතට ඇරලු පසුවයි. පෙරදින රැයේ ලැබුනු සුවපහසු විවේකය මින් පෙරකදි ඔහු අත්නොවිදි තිබුනු හෙයින් ඔහුගේ ගතත් සිතත් නවමු හැඟීම්වලින් පිරි ගොසින් තිබුනා. කුමරැන් ආකාසය පුරා නිදහසේ සරමින් මාළිගාව කරා ඇදුනා.

" ජි...මි..... කු..මරැනි.... "

" කිමද.. ටේයෝන්..? "

මාළිගයට ඇතුලු වුන විටම හමුවුන ටේයෝන්ගේ විපරිත හැසිරීම නිසා කුමරැන් ඔහු වෙතට පිරික්සුම් බැල්මක් හෙලුවා.

" රජුන්.... ඔබව රාජ මණ්ඩපයට කැදවුවා.. වහාම...."

" අහ්.... කදිමයි... මා පියාණන් බැහැ දකීන රිසින් වුයේ..... ඔහුව දැනුවත් කල යුතුයි.. මාගේ සහකාරිය පිළිබඳව.... මාගේ කාල වර්ණ හසඟන පිළිබඳව....."

ටේයෝන් හට පැවසීමට තතු තිබුණත් කුමරැන්ගේ වදන් නිසා ඔහු නිහඬබවින් කුමරැ⁣ දෙස බලාසිටියා.

" නොපැමිණෙන්නේද.. ? "

" මා... මා.. ගොසින් සොක්ජින් සහ හෙසෝක් සොයුරන් කැඳවා ගෙන පැමිණෙන්නම් කුමරැනි... ඔවුන් සිටිම යහපතක් වේවි.."

" හොඳයි..."

කුමරැන් මාළිගය තුළට යන විට ටේයෝන් ඒ දෙස දෑස් අයාගෙන බලා සිටියා.

' ඔවුන් නිසාවත්.. ඔබට වන හානිය අවම කරගත හැකි වේවි..' තමාටම මුමුණා ගත් ටේයෝන් හැකි ඉක්මනින් තම අසු මතට නැඟුණේ ප්‍රධාන පුජකගේ මැඳුර වෙතට යාමටයි.

" කුමරැන් සැපත් වෙලා...."

ජිමින් තම අසිපතෙහි කොපුව මතින් දෑතක් තබාගෙන රාජ මණ්ඩපයට ඇතුළු වන විට රජු හැර අන් සියල්ලොම ඔහුට ආචාර කලා.

" පියාණනි....."

රජුගේ මුහුණේ පිරි තිබුනු කටුක හැඟීම් නොතකමින් ජිමින් පැවසුවා.

" පියාණනි.. මා විවාහයට සුදානම්.."

" ශාපලද්දියක් සමඟ...."

LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now