Chapter 69

257 58 178
                                    

..........

ඒත් එක වැරැද්දක් නිසා තව ඩිංගෙන් මට ආයෙ ම මගෙ චූටි බබාව නැති වෙන්න තිබුණා.. මට ලොකුගෙ අම්මා විදිහට මොකුත් කරන්න බැරි වුණා වගෙ ම චූටි බබාට මේ තරම් අසනීප වෙනකම්ම මට කිසි ම දෙයක් කරන්න බැරි වුණා..

ඔමොනි...

ඔහ්... ඇයි පුතා.. මං කල්පනා ලොකෙන් අහක් වුණේ උපාලි මගෙ ළගට ඇවිත් කතා කරපු නිසා.. ඇත්ත නම මට කලින් මතක නැති වුනත් ඒ දරුවා මට කිව්වෙ උපාලි කියන්න කියලා..

ඔමොනි මොනා ද කල්පනා කරන්නේ... මොකක් හරි ප්‍රශ්නයක් ද...

අහ්.. නෑ එහෙම නෑ...

ඔමොනි මට බොරු නේද කියන්නේ..

නෑ.. මං එහෙම කියලා හිනා වෙද්දි ඒ ළමයා මං ළගට ඇවිත් මගෙ ඇස් වල තිබුණ කදුලු පිහිදාන ගමන්..

එහෙන ඔමොනි ඇස් වල කදුලු තියෙන්නේ.. ම්හ්.. කියද්දි මං ඒ දරුවගෙ අත් දෙක අල්ල ගෙන මං ගොඩ කාලෙක ඉදන් කියන්න හිතන් ඉදපු දේ කිව්වා...

පුතේ.. ඇත්තට ම ඔයාට ගොඩක් පින් ... මගෙ දරුවා මට බේරලා දුන්නට...

ඔමොනි මොනා ද කි..ය..න්නේ.. මං මොකුත් කරේ නෑ..

නෑ.. පුතේ ඔයා තමයි හැම වෙලෙම මට නැති වෙන්න යන මගෙ දරුවා මට ගෙනත් දෙන්නේ... කලින් සැරේ චූටි බබා අසනීප වුණා ම ඔය දරුවගෙ සංගීතේ මගෙ චූටි බබාව ආයෙ ම ගෙනත් දුන්නා.. මේ පාරත් ඔය දරුවා නිසා මගෙ චූටි බබා මැරෙන්න හදන එකෙන් බේර ගන්න පුලුවන් වුණා.. මං දන්නෙ නෑ ඔය දරුවට කොහොම මොන වගෙ උදව්වක් කරන්න ඕනි ද කියලා.. ඒත් ඔය දරුවට කවදා හරි මොනා හරි ප්‍රශ්නයක් වුනොත් කරදරයක් වුනොත් මට කියන්න.. ඔයා වෙනුවෙන් ඔයාගෙ අම්මා බලන් ඉන්නවා වගෙ මං මෙහෙ ඉදන් ඔය දරුවො ටිකට උදව් කරන්න බලන් ඉන්නව.. හ්ම්...

ඔමොනි.. එහෙම කියන්න එපා.. කියන ගමන් ඒ දරුවා මාව බදා ගත්තා.. සුදු මහත්තයා වගෙම යි.. මේ දරුවත්.. මට මේ හැමෝම දැනෙන්නේ මගෙ දරුවො වගේ.. මං හිතන අතරේ නම්ජුන් පුතා...

මනී කියන්නෙ මට මගේ නංගි වගේ.. මට මනි ව හම්බුණ දවසෙ ඉදන් මගෙ හැම ප්‍රශ්නෙකට ම හොද විසදුම් හම්බුණා.. ඉතිං ඔමොනි මට ස්තූතියි කරන්න ඕනි නෑ.. මටයි හ්‍යුන්ලටයි මගෙ පොඩි තුන්දෙනාටයි ඔමොනිගෙ දරුවන්ට වගෙ ආදරේ කරන එක ම මට ලොකු දෙයක්.. ඒ මට ඇති .. කිව්වා.. ඒ එක්ක ම චූටි බබා එනවා දැක්ක නිසා මං ඉක්මනට ඇස් වල තිබුණ කදුලු පිහිදා ගෙන නම්ජුන් පුතා ළඟින් ඈත් වෙද්දි චූටි බබා...

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now