Chapter 37

297 76 98
                                    

Jk pov.

  මං අනු හ්‍යුන් ආවට පස්සෙ හ්‍යුන් එක්ක කතා කරලා ඇහුවෙ අපේ ඔම්මටයි ආබුජිටයි හ්‍යුන්ටයි මනි ව පෙන්නන්න එක්ක ගෙන යන්න ද කියලා.. හ්‍යුන් මනිගෙ ඔම්මගෙනුයි ආබුජිගෙනුයි අහලා කියන්නම් කියලා මට කිව්වා.. මං ඒ දේවල් හැම එකක් ම නම්ජුන් හ්‍යුන්ට කිව්වේ මං නිසා හ්‍යුනුත් ප්‍රශ්න ගොඩකට පැටලෙනවා කියලා මං දන්න නිසා...

   හ්‍යුන් ලා හැමදාම මාත් එක්ක ම ඉන්නවා.. මං වෙනුවෙන් මගෙ වැඩ ගැන හොයලා බලනවා.. ටේ , ජිමින් හ්‍යුන්ලා දෙන්නත් මට මනී එක්ක ඉන්න වෙලාව ගොඩක් හදලා දෙනවා... එයාලා නැත්තම් ඇත්තට ම මේ වෙද්දි මං නෑ කියලා මට හිතුන වාර අනන්තයි..

  අද hotel එකේ දි මං මනිවයි හ්‍යුන්වයි හම්බෙන්න ගියා ම හ්‍යුන් කිව්වා එක්ක ගෙන යන්න ප්‍රශ්නයක් නෑ කියලා... ඒත් මනී ව පරිස්සම් කර ගන්න කිව්වා.. මං කොහොමත් මනී ව පරිස්සම් කරනවා.. මොකද මනී මගෙ නේ... මං මනීලගෙ ගෙදර ඉදපු දවස් ටිකෙ මනීට හ්‍යුන් කොච්චර ආදරෙ ද කියලා මගෙ ඇස් දෙකෙන්ම දැක්කා ඒකට මට වෙන සාක්ෂියක් ඕනි නෑ..

  මට වුනත් හ්‍යුන්ගෙම මල්ලිට වගෙ සැලකුවා මං ගැන හොයලා බැලුවා..මට හිතෙනවා මං හ්‍යුන් ගෙන් මනී ව හොරකම් කරා ද කියලත් මොකද හ්‍යුන් ඒ තරමට මනීට ආදරෙයි.. කවලා පොවලා ඇදුම් අන්දලා එයාව බලා ගන්නේ තමන්ගෙම දරුවෙක් වගේ.. හරියට මගෙ හ්‍යුන් ලා මාව බලා ගන්නවා වගෙ.. ජින් හ්‍යුන් මට කවදාවත් කෑම වලින් අඩුවක් වෙන්න දිලා නෑ.. යුන්ගි හ්‍යුන් මං කොච්චර වැරදි කරත් බේර ගන්නවා.. හොබි හ්‍යුන් කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න ගමන් හිතින් මාව ශක්තිමත් කරනවා.. නම්ජුන් හ්‍යුන්.. මගෙ හැම ප්‍රශ්නේකට ම හ්‍යුන් ළග උත්තර තියෙනවා.. ටේ ජිමින් හ්‍යුන්ලා හැම වෙලේ ම මං ළග ඉන්නවා.. මාව තනිවෙන්න දෙන්නෙ නෑ..

  අනු හ්‍යුන් මනී වෙනුවෙන් ඒ සේර ම දේවල් තනියම කරනවා.. මනී ව ආදරෙන් බලා ගන්නවා , එයා එක්ක සෙල්ලම් කරනවා , වැරදි වැඩක් කරලා ඔම්මට අහුවුණා ම බේර ගන්නවා , නාවලා කවලා පොවලා බලා ගන්නවා.. අවි නූනා ගැන බලනවා.. හ්‍යුන් ට ඒ දෙන්නා පණටත් වඩා වටිනවා කියලා මං දන්නවා.. ඒත් මං මනී ව ගත්තා කියලා කවදාවත් මං හ්‍යුන්ගෙයි මනිගෙයි ආදරෙට බාධාවක් වෙන්නෙ නෑ හ්‍යුන්.. ඒක මගෙ පොරොන්දුවක්.. ඒත් මං මනිගෙ ආදරේ හොරකම් කර ගත්තට මට සමාවෙන්න හ්‍යුන්.. මට ඒක කවදාවත් අතාරින්න බෑ.. ඒත් එයාව හ්‍යුන්ගෙන් වෙන් කරන්නෙත් නෑ වෙන් වෙන්න දෙන්නෙත් නෑ..

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now