Chapter 32 🌍🌟

1.3K 303 78
                                    

He Is Mine 🌍🌟
Chapter 32

Xiao Zhan's P.O.V.

දවසින් දවස හිමීට දවස් දහයක් විතර ගෙවිලා ගියේ මාත් බෝ එක්කම එයගෙ studies වලට හිරවෙනකොට.....ඇත්තටම බුරිය උල් වෙනකං නිදාගන්නවා කියලා හිතං හිටියට මටත් උනේ එයා එක්කම සමහර දවස්න වලට නිදිවරන්න...තද සීතල රෑට මාවත් තුරුල් කරං එයා පාඩම් කලේ කම්මැලි හිතුන හැම වෙලේකම එයාටම ඇති කියලා හිතෙනකං මගෙ දෙතොල් සිපගන්න ගමන්.... අදටත් මගෙ බෝබෝ මගෙ බෙල්ලෙන් පහලට එකම එක පාරක්වත් ඒ ලිප්ස් අරං ගිහින් නෑ....එයාගෙ ඒ තේරුං ගැනීම මට ගොඩක් පහසු උනා වගේම මට එයාගෙ හිත රිද්දන්න වෙන එකත් නැවතුනා.

හැබැයි ඉතිං නපුරු කුමාරයාගෙ තැලිච්ච තාච්චි මූණ දවසට එකපාරක් හරි එලියට එනවාමයි. සමහර වෙලාවට මන් කරන ගොන් වැඩ වලට....සමහර වෙලාවට එයා ගොඩක් stress උන වෙලාවට..මන් ඉතිං ඒ හැමවෙලේම මගෙ තියෙන රටක් වටින අහිංසක මූණෙනුයි, ඉස්සරහ තියෙන හා දත් දෙකෙනුයි ප්‍රයෝජන ගත්තා.....බැරීම අවස්ථාවකදී ඇහැට ඇඟිල්ලකින් ඇනගෙන හරි කදුලු පුරවන් එයා දිහා බලපු ගමන් මිනිහා සැලෙන්ඩර්.....හිකිස්......මොනා උනත් ඉතිං මගේනේ...කරගහත්තා නං දැන් ඉතිං තියං ඉන්නත් එපැ.මොකෝ එපා කියලා විසි කරන්නද.......

" බබා...... "

" ඔව් බෝබෝ "

" ලෑස්ති වෙන්න ගමනක් යන්න "

" උදේ පාන්දරම ? "

" ඔව් ඔව් කෝ ලෑස්ති වෙලා ඉක්මනට පහලට එන්න...මන් බලං ඉන්නවා හරිද ? "

" හා "

" හොදට වැහෙන්න ඇදෙන්න එන්න හොදේ... "

" හරි හරි තාත්තෙ වහගෙන එන්නං "

ඔය දැක්කානේ. එයා එහෙම තමයි. අපින් දෙන්නා එකට නිදාගත්තෙ බොහොම කලාතුරකින්. එකක් අපි දෙන්නට අපි දෙන්නා ලග ඉද්දි අපිවම පාලනය කරගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. අනික අංකල් තාම මේ ගැන දන්නෙ නෑ...අන්න ඒ නිසාම අපි දෙන්නම ඒකමතිකව තීරණය කලා කාමර දෙකක නිදාගන්න. හැබැයී ඉතිං බෝබෝ තමා උදේට කිරි එකකුත් උස්සන් ඇවිත් මගෙ මූණ පුරාම තෙතම තෙත හාදු ගොඩක් තියලා මාව නැගිට්ටවන්නෙ....ඉතිං සමහර දවස් වලට මන් කලිම් ඇහැරුනත් මන් ඇස් වහගෙනම එයා එනකං ඉන්නවා...

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now