Chapter 23 🌍🌟

1.6K 339 167
                                    

He Is Mine 🌍🌟
Chapter 23

Xiao Zhan's P.O.V

මන් ඒක හිතලා නෙවෙයි කිව්වෙ. ඒත් මට ඉබේටම බෝබෝට ආදරෙයි කියලා කියවුනා. මට හිතාගන්නවත් වෙලාවක් නොදී ඊලග තප්පරෙන් බෝ මාව ඇදලා එයා ලගට අරගත්තා. ඔහ් එයාගෙ ලග රස්නෙයි. හුඩී එක අස්සෙනුත් බෝගෙ ඇගේ රස්නෙ දැනෙනවා නං එයා ලග කොච්චර රස්නෙ ඇද්ද. මන් අත්දෙකත් ගුලි කරන් එයාගෙ පපුවට ගුලි කරන් ඒ ඇස් අස්සෙ ගිලිලා කල්පනා කරේ ඒක ගැන. ඒත් එක්කම මන් මේ ලෝකෙට පත බෑවුනේ බෝගෙ අතක් ඇවිත් මගෙ කම්මුලේ නතර උනාම.

" චන්ගා ........ "

" හෑ ? "

" චන්ගා "

ඒ මගෙ කනේ දෝසයක්ද මන්දා අද. දරාගන්න බැරි වචනමයි ඇහෙන්නෙ. එයා මටද ඒ කතා කලේ. ආහ් ඔව් නේ...ආදරෙයි කිව්වෙටු ඒ නම කියලා නේ. ඒ උනාට ඇයි කියලා අහගන්නවත් මගෙ ඇගට පණ නෑ. බෝ ආදරේ පිරුණ ඇස් වලින් මන් දිහා බලං ඉන්නකොට මාව ඉබේටම ඒ ඇස් අස්සට හිරවෙලා ගියා.

" මො..මොකක්ද ? "

" ච...න්.......ගා....."

" ආව්. මොකද මෝඩයෝ කම්මුල් මිරිකන්නෙ "

බෝ මගෙ කම්මුලක් මිරිකන් චන්ගා කියන එක අකුරින් අකුර කිව්වා. I am a L-E-C-T-U-R-E-R. මට හොදට අකිරු පුලුවන්. අනිකඒ මෝඩයාට මගෙ කම්මුල් සෙල්ලං බඩුවක් වගේ පේනවද. අදින්නෙ.හුම්. මන් තොලුත් කණපිට හරවන් කම්මුල අතගාගත්තා.

"Cute "

" බෝබෝ ඇත්තටම ඔයාට අද මොනා වෙලාද. අපෝ නෑ........... "

" ඇ....ඇයි චන්ගා "

" බැරි වෙලාවත් එදා අර බිම් දිගේ ඇදිලා යද්දි ඔලුවවත් වැදිලා දැන් ඒවගේ side effects එනවද දන්නෙ නෑ. බෝබෝ ඔයාගෙ ඔලුව රිදෙන්නෙ එහෙම නෑනේද ? බෝ අපි ඉක්ම.....හ්ම්හ්.....හ්..... "

මට ඉතුරු ටික කියාගන්න හම්බුනේ නෑ. මගෙ තොල් උඩ සීතල සිනිදු දෙයක් තද උනා. බෝබෝ ? එයා මාව kiss කරනවද ? ඒත් එක්කම මට දැනුනා බෝ මගෙ තොල් හිමින් හිමින් එයාගෙ දිවෙන් තෙත් කරනවා. එකපාරටම මට දැනුනේ මගෙ බඩපුරාම සමනල්ලු දුවනවා වගේ දෙයක්. ඉබේටම මගෙ ඇස් පියවිලා මාව බෝබෝගෙ හාදුවට නතු වෙද්දි වතුර මලෙන් ආපු හිරිකඩ වලින් අපි දෙන්නව නෑවිලා ගියා.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now