Chapter 40 🌏🌟

2K 275 113
                                    

He Is Mine 🌏🌟
Chapter 40

Xiao Zhan's P.O.V

මං පුදුම උනා..අහ් නෑ කොහොමත් පුදුම වෙලානේ හිටියෙ..මට කතා කරගන්න බැරි උනා. අපි ඉස්සරහ මගේ වගේම මගේ බෝබෝගෙ පවුලෙ අය හැමෝම වගේ හිටියා. මගෙ මමා, පපා, බෝබෝගෙ අංකල් හැමෝම.තව අඳුරන්නෙ නැති අය පවා. ඒත් මන් එක එල්ලෙම බලං හිටියෙ මගෙ මමායි පපායි දිහා. අනේහ් මන් එයාලට මගෙ බෝබෝ ගැන කිව්වෙවත් නෑ..නෑ නෑ කිව්වා. ඒත් මෙහෙම තීරණයක් ගන්නවා කියන එක මන් කිව්වෙ නෑ. මන් හිතන්නෙ මන් අඬනවා.

" මමා ළඟට එන්නෙ නැද්ද පණ "

මට තවදුරටත් එහෙම ගල් ගිල්ලා වගේ ඉන්න බැරි උනා. මන් කෙලින්ම දිව්වෙ මගෙ මමායි පපායි ළඟට වෙනකොට මාව ඒ දෙන්නාම මිරිකලා වගේ බදාගත්තා. දෙයියනේ අවුරුද්දකින්....හරියටම අවුරුද්දකින් ඒ දෙන්නගෙ උණුහුම දැනුනෙ මන් මගෙ මමාගෙ බෙල්ල අස්සෙම මූණ ඔබාගෙන හිටියා.

" මමා...මමා....මමාහ්...."

" කියන්න පුතු "

" මමා..අනේ මමා "

" ඇයි පුතු කියන්න මමා අහං ඉන්නෙ "

" මමා බෝබෝ......"

" අපි ඔක්කොම දන්නවා පුතු. ඔයාගෙ බෝබෝ කතා කරලා ඔක්කොම කිව්වා. අපි දෙන්නම ඔයාලට ආශිර්ද කරනවා "

මන් හිතන්නෙ මන් එයාලව පොල් මිරිකනවා වගේ මිරිකගත්තද කොහෙද...මට සතුටුයි දෙයියන්නේ..විනාඩි ගාණක් යනකම්ම එහෙම්ම හිටපු මම අංකල් වන්ග් ගාවට ගියා. සැක් ලැජ්ජාවෙ බෑ යකූහ්..ඒ මිනිහගෙ ගෙදරම ඉදගෙන එයාගෙම පුතාව අල්ලගත්තානේ..මන් බිම බලාගෙන ඇදගෙන හිටපු blazer එකත් මිරිකගෙන වගේ අංකල් ලඟට ගියා.

" අංකල් වන්ග්...ම...ආහ්......"

නෑ අවුලක් නෑ තාම යහතින්. ඒ බදාගත්තු බදාගැනිල්ලට ඔව් මන් යහතින්...කියලා හිතමු....එයා මාව ගොඩක් වෙලා බදාගෙන හිටියා.මාත් එයාගෙ වටේට අත් පටලව ගත්තෙ මේ දේවක් කොච්චර ලස්සනට විසඳුනද කියලා හිතුන ගමන්. ඒත් එක්කම මන් අංකල් වන්ග්ව අතාඇරියෙ මගෙ පිටිපස්සෙ උගුර පෑදීමකුත් එක්ක මට මොකෙක් හරි තට්ටු කරනවා දැනුන නිසා. මාගෙ ස්වර්ග රාජ්‍ය බිඳ දැමූ ඒ අවලක්ශණ අඥාන බමුණු මහ....හී....සමාවෙන්න ඒ මගෙ බෝබෝ..

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now