Chapter 31 🌍🌟

1.4K 302 92
                                    

He Is Mine 🌍🌟
Chapter 31

Xiao Zhan's P.O.V

" බබා...චන්ගා......නැගිටින්නකෝ මැණික.. "

මට ඉබේටම ඇස් ඇරෙන්න ගත්තෙ මගෙ බෝබෝගෙ කටහඬ ඇහෙන්න ගත්තු නිසා..... ඇත්තටම මට තාමත් ඇස් ඇරගන්න බැරි තරමටම බර ගතියක් දැනුනා..ඔලුවත් රිදෙනවා ඒ අස්සෙන් පැලෙන්න වගේ..... ම්ම්හ්..... මාව මෙතන අඬෝලා හුම්..... නිදාගන්න දෙන්නෙත් නෑ හුම්......බෝබෝගෙ දිග ඇඟිලි මගෙ මූණ පුරාම යනවා මට දැනුනා.

" නැගින්නකෝ බබා...කෝ..... "

" ම්ම්ම්.....ම්ම්හ්හ්ක්....... "

මෙයත් එක්ක බෑ අප්පාවේ......සෙද්ද....මන් හිමීට ඇස් ඇරලා බෝබෝ දිහාම බලන් හිටියා... ඇත්තටම ඇස් ඇරියටත් වඩා බාගෙට වහගෙන හිටියෙ....ඒත් එක්කම මගෙ බෝබෝගෙ උණුසුම් දෙතොල් මගෙ නලල උඩින් තෙරපුනා.....රස්නෙයි අප්පා..... එයා ළග පුදුම තරං රස්නෙයි.....එයා තාමත් හිටියෙ උඩ ඇදුමක් නැතුව මාව අත්දෙකෙම්ම තුරුල් කරගෙන....ඒත් එක්කම බෝබෝ මාව වඩාගත්තා...ඇත්තටම මේකා මොනාද කරන්න යන්නෙ.....මන් එයාගෙ ඉණවටේ කකුල් ඔතාගෙන ඒ බෙල්ල වටේට අත් දාගෙන ආයෙම බෙල්ල අස්සට මූණ ඔබාගන්නවත් එක්කම බෝබෝ අපි දෙන්නා පොරවන් හිටපු blanket එක අරගෙන අපි දෙන්නවම වැහෙන්න දාගෙන මාවත් වඩාගෙනම පහලට බැස්සා..

මන් තාමත් හිටියෙ නිදිමතයි ඔලුව කැක්කුමයි එක්ක නිසා බෝබෝට ඕන මගුලක් කරගන්න දීලා මන් එහෙම්ම එල්ලිලා හිටියා.තාම එළිය වැටිලා විතරයි..මේරි අම්මාවට් නැගිටලා නෑ...මෙයා උදෙන්ම නැගිටන් මොනා කරනෝද මන්දා.....බෝබෝ මුකුත් නොකියා මාව උස්සගෙන්ම දොරත් ඇරගෙන එලියට ගියා....ඒයි.....මේකා මාව කවුරුත් නැති වෙලේ කැලේට විසික් කරන්නවත්ද යන්නෙ......හම්මෝ බෑ බෑ.....මන් තව ටිකක් බෝබෝට තුරුල් උනේ එලියට ආපු ගමන් blanket අස්සෙනුත් දැනිච්ච සීතලට...

" බබා බනී......කෝ මේ බලන්නකෝ මැණික... "

බෝබෝ මිදුලෙ තිබුන ලොකු bench එකෙන් වාඩි උනේ මාව එයාගෙ ඔඩොක්කෙන් හරහට තියාගෙන තුරුල් කරගන්න ගමන්... මන් හිමීට ආයෙම ඇස් ඇරලා එයා දිහා බැලුවා......එයාගෙ ඇස් දෙකත් ලාවට ලාවට ඉදිමිලාද මන්දා.....ඇයි ඒ ?....ඒත් මන් තාම වචනයක් මගෙ බෝබෝ එක්ක කතා කලේ නෑ.....මට තාම තරහද ? නෑ....මට දුකයි..... තරහක් නෑ..ඒත් දුකයි.......එයා මාව තව තව ඇගට තද කරගන්න ගත්තා....

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now