Chapter 20 🌍🌟

1.5K 341 110
                                    

He Is Mine 🌍🌟
Chapter 20

Xiao Zhan's P.O.V

මන් piano එක play කරලා ඉවර වෙලා විනාඩි 5ක් යනකනුත් බෝ හිටියෙ ඇස් වහගෙන. ඇස් පියාගෙන ඉන්නකොට නං ඒ මූණෙ තියෙන්නෙ කියාගන්න බරි අමුතු ලස්සනක්. ඇස් ඇරියම තමා, එක්කො ගිනි පිඹියි නැත්තං කට කැඩිච්ච කතාවක් කියයි. මොට්ට බෝ. කොයි වෙලේක හරි ඔය නහයට මන් ගෑස් බටේ හයි කරනවා මං. නෑ ඉතිං කඩෙන් ගෑස් ගන්න ඕන නැන්නෙ මෙයාගෙ ගෑස් ඇති.

" මන් ඔය තරං ලස්සනද ? "

" ආයිශ් මොට්ටයෝ ඔහොම යකෙක් වගේ කඩන් පනින්න එපා. හම්මෝ මේ බලනෝ පපුවත් ගැහෙන්න ගත්තා "

මන් ගැස්සිලා ගියේ බෝ එකපාරටම කත  කරපු නිසා. ඔව් ඔව් හරි ඉතිං මන් ඒ මූණ දිහා බලං භාවන අකරපු එක වෙනම කතාවක්. එහෙමයි කියලා නෝණ්ඩි වෙන්න පුලුවන්ද? බෑනේ.....හැබැයි ඇත්තටම තමා මගෙ පපුව ගැස්සුනේ නං. මන් ඒ නිසාම වැඩිපුරත් එක්ක හුස්ම ඇද ඇද පපුව මිරික ගත්තා. ඒත් ඊලගට උනේ මන් හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්. බෝ එකපාරටම මගෙ පපුව උඩින් එයාගෙ අතක් තියලා කෙලින්ම බැලුවෙ මගෙ ඇස් දිහා. දන්නෙ නෑ ඇයි කියලා හැබැයි එයාගෙ ස්පර්ශයන්ට මං ගොඩක් කැමතියි.

" මේක මෙච්චර ගැහෙන්නෙ මන් වෙනුවෙන් ද ? "

" බෝබෝ.........? "

ඇයි ඒකට මන් නෑ කිව්වෙ නැත්තෙ ? ඇයි ඒකට මම අනිත් පැත්තට මුකුත් කිව්වෙ නැත්තෙ ? ඇයි මම බෝගෙ අත අයින් කලේ නැත්තෙ ? ඇයි මන් එයාගෙ ඇස් අස්සෙම ගිලිලා හිටියෙ ? කවදාවත් ලූනා මගෙ පපුවට අත තිබ්බට මෙහෙම මගෙ හදවත  ගැහිලා නෑ. ඒත් දැන් එක පිරිමියෙක්ගෙ ස්පර්ශයකට මගෙ පපුව princeටත් වඩා හයියෙන් දුවන්න ගත්තා. මට බය කොයි වෙලේ හරි ඕක හම පලාගෙන එලියට එයිද කියලා. ඒත් මගෙ කටින් පිට උන එකම වචනෙ " බෝබෝ "

" එන්න අපි film එකක් බලමු "

මන් දිහාම එක එල්ලෙ බලං ඉදලා අන්තිමට බෝ පුටුවෙන් නැගිට්ටා. මන් මෙච්චර වෙලා හිටියෙ නිකං උලක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේ. හම්මෝ........ මන් පපුවට අත මිටවලා පාරක් ගහහෙනම නැගිට්ටා. කියන්න බෑනෙ ලමයි heart එක තියෙන තැනින් loose වෙලා නං. අවදානමක් ගන්න බෑනෙ. මන් යනකොටත් බෝ film තෝරනවා.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now