Chapter 12 🌍🌟

1.4K 333 73
                                    

He Is Mine 🌍🌟
Chapter 12

Xiao Zhan's P.O.V

අනේ දෙයියනේ බෝදිහ්.....එයාව ඇදගෙන යනවා නේ අර අස්සයා.... මන් ඉක්මනට prince ගෙ පිටෙන් බැහැලා අස්සයා දුවපු පැත්තට දුවන්න ගත්තෙ මගෙ පපුව තප්පරේට එකසිය ගානට ගැහෙන්න ගද්දි. අනේ එයාට තුවාල උනාද දන්නෙ නෑ. අස්සයා නවතින පාටක් නෑ...ඌ බෝව ඇදගෙන කැලේ ඇතුලටම දුවනවා..බෝ ගිරි යටින් කෑගහවා...අනේ එයාව ගස් මුල් වල හැප්පෙනවත් එක්ක. මන් නවතින්නෙ නැතුවම බෝ පස්සෙන් දිව්වා.

" බෝ ඔය ලණුව අත අරිනවා "

" බෝදීහ්.......ඕක අතඇරපං මනුස්සයෝ "

මන් කොච්චර එයාට ලණුව අත අරින්න අත අරින්න කිව්වත් මේකා ලණුව අත අරින්නෙම නෑ. අනේ අම්මපා මොන උලව්වක් කරනවද මන්දා ලණුව අල්ලගෙන. එයා ලණුව අත ඇරියා නං එයාව ඇදිලා යන්නෙ නෑ... හෝව් චුට්ටක් ඉන්න.....අනේ දෙවියනේ..... එයාගෙ අතට ලණුවෙ අනික් කෙරවලේ තියෙන තොණ්ඩුව හිර වෙලා...ඒක තමයි එහෙනං

" අනේ බෝදිහ්....ඔය ලණුව ගලවගන්න බලන්නකෝ මැණික....... "

මන් කෑගහ ගහම එයාගෙ පස්සෙන් දිව්වා. මගෙ ඇස් වලින් කදුලුත් ගලනවා සෙද්ද. එක තැනකදි ලණුව ගස් දෙබලකට හිර වෙලා කැඩිලා ගියා. බෝව එතනම බිම වැටෙද්දි අස්සයා කැලෙර් කඩාගෙන ඇතුලට දිව්වා. මන් හති දාගෙනම බෝ ගාවට ලං උනා.

" අනේ බෝදිහ්.........ඇස් අරින්නකෝ.... මාව ඇහෙනවද.......අනේහ්......."

එයාගෙ මූණම ලේ වලින් වැහිලා. සුදු අතපය තුවාල වෙලා ගිහින්. තොණ්ඩුව හිරවෙලා තිබුන අතේ මැණික් කටුව ලග රතුම රතු පාටයි.මෙයා ඇස් වහගෙන මොනාද කරන්නෙ...ඇස් අරින්නකෝ...... මන් පරිස්සමට එයාගෙ ඔලුව මගෙ උකුලෙන් තියා ගත්තා. මගෙ පපුව මෙච්චර රිදෙන්නෙ ඇයි...... මන් මගෙ හුඩී එකේ අතෙන් එයාගෙ මූණෙ තිබුන ලේ ඔක්කොම පිහිදලා ඒ කම්මුලකට තට්ටු කලා.

" බෝබෝ.......මැණික ඇහෙනවද මාව.. ඇස් අරින්නකෝ බෝ...ම්ම්......"

" ............ "

" බෝබෝ අනේහ්......අපි ඉක්මනට එලියට යන්න ඕන මැණික.මන් පාර දන්නෙත් නෑ.. අනේ ඇස් අරින්නකෝ "

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now