Chapter 01 🌍🌟

4.2K 353 36
                                    

He Is Mine 🌍🌟
Chapter 1

" අහන්නකෝ ලූනා... මන් මේ ගමන යන්නම ඕන... මමායි පපායි දෙන්නම කිව්ව නිසා මට බෑ කියන්න බෑ.. අනික අවුරුදු දෙකයි නේ මැණික. මන් ආයෙම ආව ගමන් අපි marry කරමු හාද "

ශාන් ලූනගෙ කම්මුල් දිගේ ගලන් ගිය කදුලුත් පිහිදලා ඒ නලල උඩින් සියුම්ව හාදුවක් තිබ්බා.

" ශාන් අපි ආදරේ කරන්න ගත්තා විතරයි නේ.... ඔයාට යන්නම ඕනද "

" චුට්ටක් තේරුං ගන්නකෝ මගෙ හොද ලමයා නේ... ඒ කතා කරපු අංකල් මමාලට ගොඩක් උදව් කරපු අයලු. ඉතිං ඒ අංකල්ගෙ පොඩි පුතා මෙහෙට එනවා. මන් එහෙට යනවා. අනික අවුරුදු දෙකයිනෙ ම්ම්..කෝ දැන් නාඩ ඉන්න "

ශාන් ආයෙම ලූනව එයාගෙ පපුව අස්සට හිර කරගත්තෙ බර හුස්මක් වාතයට එක් කරන ගමන්. එයාගෙ පපුව අස්සට වෙල අඩන මේ ලූනා වෙන කවුරුත් නෙවෙයි ශාන්ගෙ ප්‍රථම ආදරය. කිම් ලූනා.

හදිස්සියේම නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ගුරු පත්වීමක් ලැබුනේ ඔහුගේ දෙමාපියන්ගෙ යහලුවෙකුගේ මාර්ගයෙන්. ශාන් එයට හිතිං කෙතරම් සතුටු වුවත් එය මොහොතකට පරදා සියුම් දුකක් හිතට නැගුනේ ඔහුගේ පලමු පෙම මෙසේ අවුරුද්දක් ගත වීමටත් පෙර හැර යාමට සිදුවන නිසායි.

" කෝ දැන් හරි මැණික. මට දැන් යන්න වෙනවා. තව පැය 3කින් මගෙ flight එක. මන් එනකං පරිස්සමින් ඉන්න තේරුනාද. ඕන කරන දේවල් ඔක්කොම මට කියන්න එනකොට මං ගේන්නං හරිද. ආදරෙයි මගෙ මැණිකට "

ශාන් අන්තිම වතාවට ලූනාගෙ නලලත් දෙතොලත් සිප ගත්තෙ ආයෙම ඒ හැගීම විදින්නට අවුරුදු දෙකක්ම බලා සිටීමට වෙන කණගාටුවත් හිතේ පැත්තකින් එලියට එද්දි.

" මාත් ආදරෙයි ශාන්. පරිස්සමට ගිහින් එන්න. මන් බලං ඉන්නවා "

ලූනා මිමිණුවෙ ශාන්ගෙ කොපුල් වගේම දෙතොලත් සිප ගන්න ගමන්.

........................................................................

" පුතු සේරම ලෑස්තියි නේද. මමත් ආයෙම බැලුවා. අඩුවක් නං පෙනුන් නෑ මට "

මිසිස් ශියාඕ ශාන්ගෙ අතට අලිගැටපේර යුශ වීදුරුව දෙන ගමන් ඇහුවා.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now