Chapter 22 🌍🌟

1.6K 346 171
                                    

He Is Mine 🌍🌟
Chapter 22

Xiao Zhan's P.O.V

හරියටම මාස දෙකාමාරක් ගෙවිලා ගියේ බෝගෙ අත සම්පූර්ණයෙන්ම හොද වෙද්දි. ඒත් doctorsලා bandage කරලම තියාගන්න කිව්වෙ එයාගෙ අත ටිකක් දරුණුවට damage වෙලා තිබුන නිසා. ඒ නිසා තාමත් බෝ දකුණු අතට guard එකක් දාගෙන ඉන්නෙ. මේ මාස දෙකම පට්ට කම්මැලි මාස දෙකක් උනා. හැමදාම alarm මගුලට පිං සිද්දවෙන්න නිදිමර ගාතෙම නැගිටලා uni ගිහින් ඒ මහන්සිය යන්නත් කලින්ම ගෙදර ආපු ගමන් බෝව බලලා wash දාන කාලා කරලා ආයෙම ඒ ගිනි මකරටත් මට උගන්නංන උනා.

Lecture hall එකේදි මන් එයාගෙ lecturer එයා මගෙ student උනාට එයාගෙ study room එකේ මන් එයාගෙ student වෙච්ච අවස්තාද නැතුවම නෙවෙයි. හැබැයි ඒ හැමවෙලේම ගිනි මකරා මට පැරදෙද්දි ගස්සගෙන පද්දගෙන පස්සත් වන වන කාමරෙන් එලියට ගියේ මට ගහන්න බැරිකමට එයා ඉදන් ඉන්න පුටුවට වීසි වෙන්න පයින් පාරක් ගහන ගමන්. ඒත් ඉතිං ඔය පුස් පාට් විනාඩි 5යි 10යි. ආයෙම එයාම කාමරේට ඇවිත් පුටුවෙන් වාඩි වෙනවා. හිකිස්...........

හැම weekend එකකම අපි දෙන්නා බෝගෙ secret room එකේ film එකක් බැලුවා. එදායින් පස්සෙ මන් තාම horror film එකක් බැලුවෙ නෑ. හැබැයි මට පඩි talk දාගෙන ආපු වෙලාවක මන් phone එක අරං horror film එකක් තෝරද්දි බෝ දුවලා දුවලා ගිහින් player එක on කරල එනවා. මට හිනාත් එක්ක වෙලාවකට. සිංහයා වගේ ගෙරෙව්වට සමහර වෙලාවට පූස් පැටියා වගේ. මේ මාස දෙකාමාර ඇතුලෙ මන් එයාගෙ පපුව අස්සෙනුයි එයා මගෙ පපුව අස්සෙනුයි නැගිටපු වෙලාවලුත් ඉතිං මේ ...... තිබුනා.

හැමදාම කෑම මේසෙට වාඩි වෙලා බෝ මන් එනකං බලං ඉද්දි මන් ඉතිං අපි දෙන්නටම ඇති වෙන්න බෙදාගෙන එයාටත් කව කව මාත් කෑවා.ඒ ඇටි කෙහෙල් උගුඩුවා දැනුත් අතින් කන්න පුලුවන්කම තියාගෙනම තාමත් මන් කවනකං බලං ඉන්නවා. මහ මොට්ටයෙක්.මේ මාස දෙකාමාරට මට බෝ ලග ඉද්දි පුදුම තරං සැහැල්ලුවක් දැනුනා. මට ලූනාව මතක් උනේම නැති තරං.

මන් බෝගෙ කොයි වෙලෙත් ගිනි පිඹින ඇස් අස්සෙ, උල් කර කර රවන ඒ තොල් අස්සෙ, කේන්ති ගියාම පුපුරන්න ඔන්න මෙන්න වගේ රතු වෙන මූණ අස්සෙ හිර වෙලා ගියේ මටවත් හිතාගන්න බැරි විදියට. වචනෙන් නොකිව්වත් මන් ආස උනා බෝගෙ ලගට වෙලා ඉන්න. මොකද මන් එයා ලගදි මං වෙලා හිටියා. මොන තරං මාත් එක්ක තරහ වෙලා ගස්සගෙබ පද්දගෙන ගියත් ආයෙම මාව හොයාගෙන එන බෝට මන් ගොඩක් ආස කරන්න ගත්තා. මගෙ කරවෙච්ච අලහොද්ද........... මන් දන්නෙ නෑ එයා මගෙ පපුවට මොනාදෝ කරලා.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now