ජංකුක් රිබන් පටිය ගලවලා දාලා පුදුමෙන් ඒ කෙනා දිහා බලං හිටියා. ඒ වගේම එයාගෙ ඇස් වල කදුලු.
" හැපි බර්ත් ඩේ ඇන්ඩ් හැපි 5ත් ඇනිවර්සරි කුකී...අයි ලව් යූ... කුකී අයිම් රියලි සොරි මෙහෙම කරන්න උනාට...ඔයාව සර්ප්‍රයිස් කරන්..ම්ම්ම්ම්ම්..."
කියව කියව ඉදපු ජිමින් ගාවට දුවගෙන ආපු ජංකුක් එකපාරටම එයාව බදාගෙන ජිමින්ගෙ ලිප්ස් වලට බර උනේ කදුලු බේරෙද්දි. ඔව් ජංකුක් තාම අඩනවා. ඒ වගේම එයාට ගොඩක් සතුටුයි. ජිමිනුත් එයාගෙ අත් ජංකුක්ගෙ බෙල්ල වටේ යවලා ජංකුක්ගෙ පපුවට තවත් ලං උනේ ඒ පහස පැය ගානකට උනත් ඈත් වෙලා තිබුන නිසා. ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම පැය ගානකට උනත් ඒ දෙන්න ඈත් වෙලා හිටියෙ ගොඩක් අමාරුවෙන්.
ජිමින් ගෙදරින් ගිය වෙලේ ඉදං බයෙන් හිටියෙ ජංකුක් කොහොම හැසිරෙයිද කියලා. ඒකම නිසා තමයි ප්ලෑන් කරගත්ත විදියට ටේව ජංකුක්ගෙ තනියට යවන්න හිතුවෙ. එයාපෝට් එකේදී යුන්ගිට වත්තම් වෙලා එන ජංකුක්ව දැක්කම ජිමින්ගෙ හදවත කෑලි කෑලි වලට කැඩිලා ගියා. ජිමින් එච්චර දෙයක් හිතුවෙ නැති උනත් එයාට තේරුනා ජංකුක් එයාට කොච්චරනම් ආදරේද කියලා. ෆ්ලයිට් එකේදි ජිමින්ගෙ උරහිසේ නිදං ඉන්න එයාගෙ හස්බන්ඩ්ගෙ ඔලුව අත ගගා නලලින් හාදු තිබ්බ ජිමින් කල්පනා කරේ එයාට ලැබුනෙ ලෝකෙ ඉන්න හොදම හ්‍යුන්, ලෝකෙ ඉන්න හොදම යාලුවා , ලෝකෙ ඉන්න හොදම බෝයිෆ්‍රෙන්ඩ් ඒ වගේම ලෝකෙ ඉන්න හොදම හස්බන්ඩ් ජංකුක් කියලා.
.........................................................................
Gmi_shey
YOU ARE READING
ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ || JIKOOK ✔️
RomanceWhat am I now? What am I now? What if you're someone I just want around I'm falling again, I'm falling again, I'm falling What if I'm down? What if I'm out? What if I'm someone you won't talk about? I'm falling again, I'm falling again, I'm falling ...
