CHAPTER 05

673 175 32
                                        

ජංකුක් ඒ ටික අරගෙන අතේ ගුලි කරගත්තෙ හිතට ආපු කේන්තිය එක්කමයි. ජිමින් කියන්නෙ එයාගෙ පුංචි කාලෙ ඉදං හිත හොරාගත්ත එකම කෙනා. එ ක ම කෙ නා. අද තා වෙනකං ඒ හිතට වෙන කෙනෙක්ට ඇතුල් වෙන්න දෙන්න ඉඩ දුන්නෙ නෑ වගේම ජිමින් ඉඩ තිබ්බෙත් නෑ. ඒ තරම් ඒ ආදරේ ශක්තිමත් වෙලා තිබුනා. එතකොට විශ්වාසෙ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒත් එකපාරටම මේ ෆොටෝ එකක් නිසා ජිමින් එයාව අවිශ්වාස කරා කියලා හිතුනම ජංකුක්ගෙ පපුව ඇතුලෙන් රත් කරපු යකඩයක් කිදා බහිනවා වගේ වේදනාවක් දැනුනා.

" ජිමින් බබා ලිසින් ටු මී.. ඔයා ඔය ඇත්තටමද ඔහොම කරන්නෙ. මට විශ්වාස කරන්න බෑ බබා. ඔයා මේ එඩිට් කරපු ෆොටෝ ටිකක් නිසා එකපාරටම මාව අවිශ්වාස කරාද? අයි කාන්ට් බිලීව්. ඔයා මට විහිලු කරනවද ජෝන් ජිමින්.."

ජංකුක් ලාවට හිනා වෙනගමං එහෙම කියාගෙනම ගෙස්ට් රූම් එකෙන් එලියට ඇවිත් ජිමින්ව දැක්කම ඒ හිනාව මූනෙන් මැකිලා ගියා.

.........................................................................

Gmi_shey

ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ ||  JIKOOK ✔️Where stories live. Discover now