" ටේ.....ජිමින් ඇත්තටම ගියාද? මාව දාලා ගියාද? එතකොට එයා මට ආදරේ නැද්ද ටේ. මගෙ පපුව රිදෙනවා ටේහ්‍යුන්ග්. එයා මගේ එන්ජල්. මට එයා නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ. උබ දන්නවද මට එයා නැතුව රෑට නින්ද යන්නෙ නෑ. පොඩි කාලෙ ඉදං ඒ උනුහුමට හුරු වෙච්ච මට අද ඉදං තනියම ඉන්නද කියන්නෙ බන්. ඊට වඩා හොදයි මං මැරිලා යනවා. "
ජංකුක් එහෙම කියාගෙන නැගිටලා යන්න හැදුවත් ටේ එයාව නතර කරගත්තා.
" ඒ... ඒ... උබට පිස්සුද බන්. විකාර කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද්ද උනේ කියල ඉස්සෙල්ලා මට කියපංකෝ. ඊටපස්සෙ බලමු කරන්නෙ මොකද්ද කියලා. "
ටේ ජංකුක්ගෙ පිට අතගාන ගමං කිව්වෙ ජංකුක්ව සංසුං කරන්න හිතාගෙන.
" වෙන්න තියන සේරම උනා බන්. මට මාවම නැතිඋනා."
ජංකුක් සිද්ද උන හැමදේම ටේහ්‍යුන්ට කිව්වෙ හොදටම අඩන ගමං. ටේ කවදාවත් දැකලා තිබුනේ නෑ තමන්ගෙ යාලුවා මෙච්චර අසරණ වෙලා ඉන්නවා. එතකොටම ජංකුක්ගෙ ෆොන් එක රින්ග් වෙනවා ඇහුනත් ජංකුක්ට ඒක ගානක් උනේ නෑ. එයාට හැමදේම එපා වෙලයි තිබුනේ. ටේ ගිහින් ෆෝන් එක බලලා ජංකුක්ට දුන්නා.
.........................................................................
Gmi_shey
BINABASA MO ANG
ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ || JIKOOK ✔️
RomanceWhat am I now? What am I now? What if you're someone I just want around I'm falling again, I'm falling again, I'm falling What if I'm down? What if I'm out? What if I'm someone you won't talk about? I'm falling again, I'm falling again, I'm falling ...
