CHAPTER 11

604 169 25
                                        

ජින් ටේහ්‍යුන්ව වත්තම් කරගන්නකොට යුන්ගි ජංකුක්වත් එක්කං එලියට ඇවිත් දෙන්නවම කාර් එකේ පිටිපස්සෙන් වාඩි කරවලා ජින් ඇවිත් ඉස්සරහින් වාඩිඋනා. යුන්ගි වාහනේ ඩ්‍රයිව් කරේ තාමත් හිනා වෙන ගමං. ඒ අතරෙ ටේ ජංකුක්ගෙ අතට ඇනලා මොන මොනවදෝ හොරහින් කියද්දි ජින් රවලා බැලුවා.

" ඒ.. ඒ බන්. මේ අර ටැක්සි ඩ්‍රයිවර් වෙන්නැති නෙහ්. ඒ..ත් බන්... එයාව මට ම..ගේ ජිනී වගෙත් පේනවනේ..."

ටේ රහසින් කියද්දි යුන්ගි හයියෙන් හිනා උනේ ස්ටයිරින් වීල් එකටත් ගහ ගහ. යුන්ගි එක්කම ටේත් ජංකුක් දෙන්නත් හයියෙන් හිනා උනා.

" උ..බ මොකෝ...හිනා වෙන්නෙ.."

ටේ හයියෙන් හිනා වෙන ගමං ජංකුක්ගෙ කනට කරලා ඇහුවා.

" දන්..නෙ කව්ද බන්....ආ..අර ඉස්සරහ ඉන්න කෙ..නා හින්නා...වෙන නිසා...මාත් හිනා උනේ..."

ජංකුක් කිව්වම ටේත් ආපිට මහ හයියෙන් හිනා උනේ ජින්ගෙ ‍රතු කට්ට පන්නලා.

" යාහ්....තමුසෙලා දෙන්නගෙන් මං සුප් එකක් හදන්න කලින් ඔය කටවල් දෙක වහගන්නවලාආආ......"

ජින් කෑගහපු පාරට යුන්ගිත් බය වෙලා වාහනේ එකපාරටම බ්‍රේක් ගැහුවා.

" යාහ්....ඇයි දැන් තමුන් නැවැත්තුවෙ. ජිමින් යනකංද බලන් ඉන්නෙ ආහ්...." එපාර ජින් යුන්ගිගෙ ඇගට කඩාපැන්නත් හරි  පිටිපස්සෙ හිටපු ජංකුක් ආයිම අඩන්න ගත්තා.

" ආහ්.... මගෙ ජිමින්.......එ..යා.... මාව දාලා ගියා....ටේ....මං එයා..ට මේ...හැම්...ම දේකටම වඩා...ආද..රෙයි."

ජංකුක් අඩනකොට ටේ එයාව සනසන්න දෙයක් කියන්න හදද්දි ජින් ඉක්මනට ටේ දිහා බලලා රැව්වා. ඒක නිසා ඉක්මනට කට පියාගත්ත ටේ ඉස්සරහා බලාගෙන ඇස් පියාගත්තා. අඩලා අඩලා හෙම්බත් උන ජංකුක් එහෙමම නින්දට වැටුනා.

.........................................................................

Gmi_ shey

ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ ||  JIKOOK ✔️Where stories live. Discover now