CHAPTER 09

607 167 23
                                        

ජංකුක් බිම වැටිලා පොලවට ගහ ගහ කෑගහද්දි ටේ ඉක්මනට ජංකුක් ලගට ගියා.

" ඒයි බන් අහපං. අඩන්න එපා. ඇඩුවා කියලා ජිමින් එන්නෑනෙ. වරෙන් යන්න. උබේ හිත හැදෙනකං බොමු."

ටේ ජංකුක්වත් එක්කං ගියේ ක්ලබ් එකට. දවල් වරුව නිසා වැඩි සෙනග හිටියෙත් නැති නිසා දෙන්න එක්ක හොදටම බීලා මත් උනේ දෙන්නට දෙන්නවත් අදුරගන්න බැරි තරමට.

අද අදුරගත්ත දෙන්නෙක් වගේ බර කතාවක හිටපු ටේයි ජංකුක්ටයි එකපාරටම කෝල් එකක් ආපු නිසා ටේ කතාව නවත්තලා ෆෝන් එක ආන්සර් කරා.

" හෙලෝව්....කිම්....ටේහ්‍යුන් ස්පීකිං..... හූ ආර්......යූ...."

" යාහ්... මෝඩයා තමුසෙත් බීලද ඉන්නෙ. ඔව් ඉතිං මරු මනුස්සයානෙ යැව්වෙ. මං එනවා දැන් තමුන්ලා දෙන්නව පික් කරන්න. කොහෙවත් යන්නැතුව ඔතනම ඉන්නවලා හරිද. නැත්තං මගෙන් මැරුම් කන්න බලන් ඉන්නවා."

" හරි බොස්"

ටේ බාර් කවුන්ටර් එක ලග වාඩි වෙලා ඉදපු ස්ටූල් එකෙන් නැගිටලා සැලියුට් එකකුත් ගහලා කිව්වෙ ජංකුක්වත් බය කරලා. ෆෝන් එකත් කට් කරලා සාක්කුවට දාගත්ත ටේ ආයිම ජංකුක් ලගින් වාඩි උනා.

" කාව්ද කතා කරේ...වැඩ කර..න තැන....බොසාද?"

ජංකුක් ඇහුවම ටේ නෑ කියන්න ඔලුව වනලා තව විස්කි වීදුරුවක් එක හුස්මට බීලා දැම්මා.

" ටැක්..සි ඩ්‍රයිවර් කෙනෙ..ක්ද කො..හෙද. අපිව ගන්න.. එන්න...ම් කිව්වෙ..එයා...කිව්වා... ආපිට කොහෙවත් යන්..න එප්පා ගියොත් මරනවා කිව්...වා"

" එහෙන්..නම් මේම ඉමු."

ජංකුක් එහෙම කියලා බාර් කවුන්ටර් එකට ඔලුව ගහගත්තා.

.........................................................................

Gmi_shey

ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ ||  JIKOOK ✔️Where stories live. Discover now