⚜️රන් මධුසමය (21+)⚜️

Start from the beginning
                                    

ඒ නිසා අපි බබාව වීනස්ට දෙමු.
එයා මාව දැක්කොත් අපි එක වගේ නිසා එයාට අවුල් යයි..
මොකද අපි එකිනෙකා හමු වෙන්න හොද නෑ...
කැඩපතක් ඉදිරියේ ඉන්නවා වගේ වුනාම අවුල් යනවනේ.
බබී අපි එයාව අද දෙමු ගිහින්...

නිකමට හිතන්න ඔයා වගේ කෙනෙක් ඔයාවම ආයේ දැක්කොත් අඩුම ගානේ අම්මා තාත්තවත් නොවී.අවුල් යනවනේ.

ෂාන්ට එකවරම යමක් මතක් වීය. බබා දිගටම තමාව දුටුව හොත් කවදාහරි අවුල් ජාලයක් වන බව ෂාන්ගේ හිතට ආවේය...

" ඇයි බබී...???"

" ෂාන් දැඩි කල්පනාවක සිටිනු දැක යීබෝ ඇසුවේය..."

" අහ් නෑ.. බෝ එහෙනම් අපි දෙමු. හැබැයි ඔයාගෙන් මට බබෙක් ඕනි... "

" හරි.. ඒකට අපි පස්සේ වතාවත් කරමු. "

"ඒ මොනවද...????"

" අපි දේව ආත්මයක් අපේ නමින් කැදවන්න ඕනි. අපේ බල හරයන්ගේ එකතුවකින් දින ගණනාවක් ප්‍රේ කරන්න වෙයි ඒකට. එතකොටයි එයා අපේ නමට මැවෙන්නේ..."

" හාම්.."

ෂාන් එකඟ වුනේ හිත යට වූ යමක් නිසාවෙනි."

අවදි වී මද වේලාවකට පසු යීබෝ වීනස් වෙත පණිවිඩයක් යවා ඇයව ශ්වේත මාළිගයට ගෙන්වා ගත්තේය..

ෂාන් ලෝබ කමෙන් උවත් දරුවා සිඹ එම සිනිදු අත් පා අත ගා දේව දරුවා වීනස් වෙත දුන්නේ අනාගතයේ දරුවාට වන අවුල නැති කිරීමටයි..

දෙවී වීනස් දරුවා රැගෙන යුවලට සුභ පතා පිටව යන්නට විය.

" බබා අපි නාමු නේද..??

සුපුරුදු පරිදි යීබෝ ෂාන්ව දෑතට වඩා ගත්තේය...
ඔවුන් තවමත් රක්ත වර්ණයෙන් සැරසී සිටියේය...
යීබෝ ෂාන් රැගෙන ගියේ නාන කුටියටයි..
එහි යන විටත් ඖෂධ දියර සහිත විශාල නාන බේසම වෙනුවට රෝස මල් සුදු සඳුන් මල් ද සහිත ජලය පුරවා තිබුණි..
මුළු කුටියම එමගින් සුවදවත් වී තිබුණි.
ලී බේසම වටා මල් වැල් ගොතා තිබුණු අතර දෙදෙනාට රත්‍රන් පැහැති සළු පිළි දෙකක් ද තිබුණි.

"Woooow බෝ බෝ මෙතන හරිම ලස්සනයි නේ..."

" හ්ම්ම්... " ෂාන් යීබෝ දෙස බැලුවත් යීබෝගේ දැස් තිබුණේ ෂාන්ගේ ගෙල සහ දෙතොල් මතයි.

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now