13 ( 2500 රහස )

637 163 10
                                    

The Lord Of Weito- (Green Lord💚❤️)
.
.
.
.
.
දහ තුන කොටස-13
( 2500ක රහස )
.
.
.
.
" ලොකූ.........................??????
ඔයා මගේ ලොකූ වගේමයි...
wooooowwwww හරිම ලස්සනයි ....

" චූටි මැණික මං ඔයාගේ ලොකූ තමයි.. ඒත් ලොකූත් නෙවෙයි...

ෂාන්ට ඒ කියූ අපභ්‍රංශය වැටහුණේ නැත.. ඔහු දිව ගොස් තම ආච්චිව බදා ගත්තේය...

ඇය ෂාන්ව තමා මතින් ඉවත් කර බැරෑරුම් මුහුණකට මාරු වීය..
අපි යමුකො ඇතුලට...ඇය තමා අනුගමනය කරන ලෙස තිදෙනාට පැවසුවේය...

මාලිගය තුළ තවමත් දීප්තිමත්භාවයක් නොවීය...සුෂී( බාරකාර මව ) තවත් පෙරට වඩා කුඩා දොරටුවක්  අසලට ගොස් එය ඇරියේය..

එය ද ඉතා කළුවර වූවත් ෂාන් එය තුළට අඩිය තබනවාත් සමගම දසතම විදුලි පහන් දැල්විණි...

එය ඉතා විශාල ශාලාවක් වූ අතර බිත්ති පුරාවට රතු පැහැති අගලක පමණ කුඩා රෝස වැලක් ලෙස පැතිර බිත්ති වසාගෙන තිබුණේය..

එය ස්වභාවික දේවල් වලින් ආවරණය වී තිබූ විශ්මිත මාලිගා කොටසක් වූ අතර ෂාන් සහ යීබෝ එකිනෙකාට සමාන්තරව වට පිට බලමින් සුෂී ලගට ගියේය...

මාලිගා කොටස කෙලවර රෝස කටුවලින් සමන්විත දිගු අඩි දෙකක් පමණ මහත කණු දෙකක් තිබූ අතර ඒ මැද රෝස කොළවලින් ආවරණය කරන ලද සිංහාසනයක් වැන්නක් තිබිණි.
එය තනිකරම  රත්තරන් වූ අතර පිට දෙස රෝස මල් දෙකක් කැටයම් කර තිබුණි...

එය විශ්මය උපදවන සිංහාසනයක් වීය... එහි පිට හැඩය ත්‍රිකෝණාකාර වූ අතර එම ත්‍රිකෝණය ඉහල උල් වන ස්ථානයේ රතු පැහැ මැණිකක් ඔබ්බවා තිබුණි ..
එය හදවතක හැඩයකට කපා තිබුණි.. ඉන් ලා රතු එලියක් විහිදුනේය.

ෂාන් සහ යීබෝ පුදුමයෙන් අවට බලා සිටි අතර එය විශ්වාස කල නොහැකි තරම් සුන්දර දර්ශනයක් වීය...

සුෂී යුනිකෝන් මිනිසා දෙසට හැරී අණක් දෙන්නට මෙන් බැලීය..

" යූෂෙන් ...!!!!!

" එකවරම යූෂෙන් පැමිණ තම අත තිබු ඔටුන්න සුෂී වන බාරකාර මවගේ අත තැබීය...

ඇය එය දෑතට ගත්තේය...

"චූටී ඔයා ප්‍රශ්න ගොඩක ඉන්නවා ඇත්තේ....

The Lord of Weito-(YizhanFF✔️🔚)Donde viven las historias. Descúbrelo ahora