39- ( අතුරුදහන් වීම )

577 203 54
                                    

The Lord Of Weito - Green Lord
.
.
.
.
.
.
.
.
" කියන්න බබා... කවුද මගේ පැටියගේ හිත රිදෙව්වේ...???
යීබෝ ෂාන්ව තව තවත් තමාට තුරුළු කරගනිමින් අසන්නට විය..

" කවුරුත් නෑ බෝ... ඒත් මම වැඩ වැරැද්දුවා. හියුන්සන් මට තේරුම් කරා මං වරදක් කරේ කියලා.. එයාගේ නෙවේ වරද.. මමයි ඕනි නැති විදියට එතනට මැදිහත් වෙලා සේරම අවුල් කලේ..."

ෂාන් නොදැක්කාට යීබෝ එක් අතක් මිටමොලවා ගත්තේය..

" මගේ පැටියා මුකුත් කරේ නෑ. ඒ වෙලාවේ මැණික කරේ අපිව බේරගන්න උත්සහා කරපු එකනේ. ඒ නිසා බබා ඔහොම දුක් වුනොත් මම ඇත්තටම තරහා වෙනවා.
තේරුනා ද..?? "

"හුම්... ෂාන් දෙතොල් නොපිටට පෙරලගෙන තවත්‍යීබෝට තුරුළු වුනේය..

සියලු දෙනා ඉස්සර වී යන්නට වූ අතර ෂාන් තවමත් යීබෝට තුරුල් වී ගමන් කරන්නට විය.

හියුන්සන් යීබෝ දෙසට හැරුණු අතර යීබෝ ඔහු වෙත දවා අළු කරන බැල්මක් හෙලන්නට විය..

" උතුමාණෙනි අනෙක් ශාකය ලබා ගැනීමට අපිට අර නවලෝක දොරටුව පහු කරන්නට වෙනවා....
ඉදිරියෙන් තිබූ දොරටුව පෙන්වමින් හියුන්සන් පැහැදිලි කරන්නට විය..

"අනෙක් පැත්තේ ඇත්තේ කුමක් ද???" අනෙක් අය ඇසූ අතර හියුන්සන් තම දෙවුර හැකිලුවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අනෙක් පැත්තේ ඇත්තේ කුමක් ද???" අනෙක් අය ඇසූ අතර හියුන්සන් තම දෙවුර හැකිලුවේය...

" දැන් අන්තිම එක මම ගන්න ඕනි. ඒ නිසා මම යන්නම්...
යීබෝ පවසන්නට විය...

" නොහැකියි උතුමාණෙනි අපි සියලු දෙනා නුඹ සමග එන්නමු.."

" ඔව් බො බෝ මාත් එනවා. මට බෑ ඔයා නැතුව ඉන්න."
.
සියලු දෙනා යීබෝගේ අදහස ප්‍රතික්ෂේප කරන්නට වූ අතර යීබෝ ෂාන් බිම තබා ඉස්සර විය.
එහෙත් අතින් තද කොට අල්ලා ගත්තේ ෂාන්ගේ ආරක්ෂාව ඔහුගේ ප්‍රධානම කාර්‍යයය වූ නිසාය...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now