23- ( බල වර්ධනය )

888 224 80
                                    

The Lord of Weito- Green Lord💚❤️
.
.
.
.
.
බලවර්ධනය....

පසු දා ම උදෑසන යීබෝ ප්‍රථමව අවදි වූ අතර තම තුරුළේ නිදා සිටින ෂාන් දෙස මද වේලාවක් බලා සිටියේය ...

වෙයිටෝට තමා ගැන ම කලකිරීමක් ඇති විය....

මේ තරම් කල් තමාගේ වරදවා වටහා ගැනීම නිසා පෙර ආත්මයෙත් දුක් විද මේ ආත්මයේත් තමාගේ කෙනෙහිලිකම් විද දරා ගනිමින් තමාට ම ආදරය කරන මෙම ආදරවන්තයා පිළිබදව තමා අංශුමාත්‍රයක තරම් වත් දෙයක් සිදු කර නොමැත...

වෙයිටෝගේ දෑස් මත කදුළු පිරුණ අතර පපුවම වේදනාවෙන් මිරිකී ගියේය....
ඒත් එක්ක්ම හද පතුලෙන් ම පැමිණි වේදනාව ඉකි ගැසීමක් සේ පිටව ගියේ ෂාන්ව ද අවදි කරවමිනි....

" බෝ ඇයි මේ.... මොකද අඩන්නේ...
" අහ්... නෑ මේ කදුළු නෙවේ....
ෂාන් තරවටු බැල්මක් මවාගෙන යීබෝ දෙස හිස ඔසවා බැලුවේය....

"අනේ මේ බෝ... එහෙනම් මේ වතුර ද .... ???
"කියන්න මට ඇයි මේ...??
" ඔයා මොනවද කල්පනා කරන්නේ....???
" මුකුත් නෑ බනී අපි යමු...
අද මම පුහුණු වීම් කරන්න ඕනි...

යීබෝ ෂාන්ගේ හිස ඉවත් කර ඇස් මග හරිමින් යහනෙන් බැස යන්නට නැගිට්ට අතර එකවරම ෂාන් යීබෝගේ අතින් අල්ලා ගත්තේය ....

" අහන්න බෝ.......
"ම්ම්ම්......යීබෝ තම රතු වුණු දෑස් බිමට යොමාගෙන ප්‍රතිචාර දැක්වීය...

" ඔයා මම නිසානම් කල්පනා කරන්නේ ප්ලීස් බෝ...
එහෙම කරන්න එපා...
මම මේ හොදට ඉන්නවා...
ඔයා එක්ක සතුටින්...

" බනී ඔයා රෝස ලෝකේ ආරක්ෂා කරන්න ඕනි....
ඒ ආරක්ෂක ආරාව හදන්න ඕනි....
ඔයාගේ ආධ්‍යාත්මික බලය සම්පූර්ණයෙන්ම ගන්න ඕනි..

" මට සාමාන්‍ය මිනිහෙක් වෙන්න බෑ බනී...
ඔයාට ඒත් දෙවිකෙනෙක් වෙන්න පුළුවන් ...
අමරණීයත්වය ලබා ගන්නත් පුළුවන් ..

ඒකට එකම මාර්ගයේ මම ගමන් කරනවා...
තවත් මේ ගැන තර්ක කරලා මාව අසරණ කරන්න එපා බනී....

යීබෝ ෂාන්ගේ අත අතහැර පිටතට ගියේය....

ෂාන් තම සිර කරගත් කදුලක් කොට්ටය මතට මුදා හැරියේය...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now