48- ( බල ආරක්ෂක පලිහ )

543 183 67
                                    

The Lord Of weito - Green Lord
🥀

🥀

🥀

🥀

ඉහල අහසේ ඇති විශාල රෝස මල ලා රක්ත වර්ණයෙන් සුදු පැහැයට හැරෙමින් තිබුණි..
ඒත් සමගම ආරක්ෂක ස්ථරය ද වියැකී යන බවක් ෂාන්ට දැකගත හැකි විය.
ෂාන්ගේ හුරතල් පෙනුම පහව ගොස් බැරෑරුම් මුහුණකට පෙරලුණි.
ෂාන් අහස පුරා තම ලෝකයේ ආරක්ෂක පලිහ දෙස බලා සිටින්නට විය..
යීබෝ ෂාන්ගේ මෙම ඉක්මන් මෙන්ම පරිණත වෙනස් වීම දෙස තීක්ෂණ දෑසින් බලා සිටින්නට විය..
වෙනදා පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් දිවි ගෙවූ ෂාන් තවදුරටත් එහි නොමැති අතර එහි සිටියේ තම ලෝකය ආරක්ෂා කිරීමේ වගකීම සිත දරා සිටින රෙඩ් රෝස් කින්ග් ය.

ෂාන් සෙමින් තම කාලවර්ණ දෑස් පියාගෙන ගැඹුරු හුස්මක් ඉහලට ඇද නැවත පහත දමමින් විනාඩි කීපයක් තම හිත එක්තැන් කර ගැනීමේ නිරත විය..
යීබෝ මුළු කාලය පුරාවටම ෂාන්ගේ ඉරියව් නිරීක්ෂණයක නිරත විය.

විනාඩි කීපයකට පසු ෂාන් තම ලා රක්ත වර්ණ දෑස් විවර කල අතර ශරීරය මගින් ලා රක්ත සහ රත්‍රන් පැහැ මිශ්‍රිත කිරණක් පිටතට විහිදුණි...
ෂාන් තම දයත් එකිනෙකට එකතු කලේය.
පසුව දෙඅත් ඇග වටා වටයක් ගෙන යමින් යම්කිසි ශක්තියක් අභ්‍යන්තරයෙන් එකතු කරගත්තේය..
එම දෙඅත් එකව‍රම ලා රෝස පැහැ ( සුදු පැහැයට ආසන්නම රෝස පැහැය ) රෝස මල වෙත යොමු කලේය...

ඒත් සමගම ලේසර් කිරණක් මෙන් එලියක් එම මල මධ්‍යයට ගමන් කරේ යීබෝගේ දෑස් පුදුම කරවමිනි..
සාමාන්‍යයෙන් එක එල්ලයේම කිරණක් යමකට පතිත කල හැක්කේ ප්‍රභල සහ පුහුණු කරන ලද ආධ්‍යාත්මික බලයක් උරුම බල හරයන්ට පමණි..
යීබෝ එය දුටු පසු තේරුම් ගත්තේ තමා උත්තරීතර මට්ටමේ බලයක් සහිත උවත් ෂාන් ප්‍රථම මට්ටමේ දුර්ලභ බලයකින් යුක්ත වන බවකි...

යීබෝගේ හිත පුරාම සතුට ගලා යන්නට විය.. තම ආදරණීයයා මෙවැනි දක්ෂතාවයක් තම පපුතුරේ සඟවා ගෙන සිටීම ඔහු සැබෑ ලෙසම සතුටු වන්නක් වූයේය...

"මගේ බබා.. දැන් ගොඩක් දක්ෂයි.. කාට ද ආඩම්බර.."

යීබෝ සෙමින් මිමිනුවේ හිතෙන් දරාගත නොහැකි සතුට වචනවලට පෙරලමිනි.

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now