11 ( Red & Gold Ring

661 168 8
                                    

The Lord Of Weito - Green Lord💚❤️
.
.
.
.
.
එකළොස්වන කොටස - 11
(  Red & Gold Ring  )
.
.
.
.
යීබෝ තම Gold Ring එක තුල දී ඒ නිදිබර මුහුණ දකින්නට විය...
ෂාන් තවමත් පියවි සිහියක නොසිටි අතර ෂාන් පිහාටුවක පාවෙනවා සේ දැනිණි..
යීබෝ කලබල වීය..

"නැගිටිනවා...ඒයි...නැගිටිනවා..

ෂාන් අපහසුවෙන් හිරිකඩමින් නැගිට්ටේය  ...
නැගිට දුටුවේද තමා සිහින දැක දැක සිටි පුද්ගලයා නිසා අඩවන්ව ඇරි දෑස් නැවත පියාගත්තේය ....

ෂාන් සිතුවේ තවමත් තමා සිහින දකින බවකි..

යීබෝට තරහක් ආවේය ... ඒත් සමගම නින්දෙන්  ෂාන්ගේ කට කොනින් මද සිනහවක් ඇදුණු අතර එකවරම යීබෝ එහි හිරවීය...

යීබෝටත් නොදැන ෂාන්ගේ මුහුණ දෙස ගල් වී බලා සිටින්නට වූ අතර තම ශරීරය පුරා අමුතු සීතලක් පැමිණ ඇග පුරා හිරිගඩු පිපිණි...

එක වරම රතු පැහැති ලෝගුවක් ඇදි අයෙකු බවට ෂාන්ව යීබෝට පෙනුනි...

යීබෝ තවත් පුදුමයට පත් වූ අතර තම දෑස් පිසදමා නැවත බැලූ අතර රතු ලෝගු මිනිසා මායාවක් විය...

නැවත යීබෝ දුටුවේ සුපුරුදු ෂාන්වමය...

තමා වටා මෙවර පෘථිවියට ආ දින පටන් යමක් සිදුවන්නට වූ අතර එය සිදුවන්නේ තමා ඉදිරියේ නිදා සිටින අරුම පුදුම මිනිසා සමග බව යීබෝ වටහාගෙන සිටියාය ....

එක වරම ෂාන් ඇස් හැරියේය ....

මද සිනහවක් පාමින්,

" හීනෙනුත් ඔයා මේ තරම් ලස්සනයි ""

කියමින් යීබෝගේ කම්මුල මත අත තැබීය..
එක වර දැනුනු සැබෑ ස්පර්ශය නිසා ෂාන් ඉක්මනින්  අත ඉවතට ගත්තේය ..

ඔයා හීනයක් නෙවෙයිද??
Green Lord..
ඇයි මං මෙහෙ.. ???
ආපහු මං ඔයාගේ Gold Ring එකේද ... ???
ඒත් මම ගෙදර නිදාගෙනනේ හිටියේ...???

ඔයා මාව බලෙන් ගෙනාවද.. ???
අපි කොහෙද මේ යන්නේ.. ????

ෂාන් තම දෑස් විශාල කරගෙන ප්‍රශ්නපිට ප්‍රශ්න අසන්නට වූ අතර යීබෝට ද ඒවාට උත්තර නොමැති විය...

" මහ මෝඩයෙක්"

" ලෝකේ පෙරළුනත් කම්මැලියෙක් වගේ බුදි.. ඔයා මොනවගේ මනුස්සයෙක් ද...?

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now