47- ( අනතුරක සේයාවන් )

530 189 57
                                    

The Lord Of Weito - Green Lord
.
.
.
.
.
.
.
" චූටි මැණික.... කෝ නැඟිටින්න....
චූටි මැණික....නින්දෙන් ෂාන්ගේ දෑස් අඟ කඳුළු ගලා යනු දැක ලොකූ ෂාන්ගේ මුහුණට තට්ටු කරන්නට විය .

"චූටි මැණික..."

" අනේ මගේ Green.... "
" මම නුඹට ප්‍රේම කරමි.. මගේ හදවතින්ම "
එහෙත් මට සමාවෙන්න Green..
මා නුඹ බලෙන් ලබා ගැනීමට උත්සහා කරා...

ෂාන් සිහිනයෙන් කියවන්නට වුණා...

" චූටි මැණික.. ඔයාගේ Green ඉන්නවා.. ඔයා ලඟම දැන් නැඟිටින්න...කෝ ... "

මොහොතක් ඇදේ ඒ මේ අතර පෙරලී අවසානයේ
ෂාන් දහඩිය දමාගෙන නැගිටගන්නට විය....
ඔහු දුටුවේ තම දෑස් ඉදිරියේ කලබලයෙන් තමා දෙස බලා සිටිනා තම ආදරණීය බාරකරු හා තම ආච්චී වන ලොකූ ය...

" ලොකූ....??????"
අනේ මගේ ලොකූ.. මම හීනයක් දැක්කනේ ලොකූ.. මම කලින් දැක්ක හීනෙමයි.. ඒ කියන්නේ මගේ කලින් ආත්මේ .
මාව මැරෙනවා. ඔයා මොකද්ද එකකට මගේ පාවෙන ආත්මෙ එකතු කරගත්තා..

එතකොට එතකොට මගේ බෝ බෝට මම Green කියලා කෑගැහුවා.. එයා මගේ ලගට දුවගෙන ආවට එයා එන්න කලින් මාව අතුරුදහන් වෙලා ගියා...
තව මම මුල ඉදලම අපේ කතාව දැක්කා ලොකූ...
මම එයාට ඒ හීනෙත් ආදරේ කරලා.. ඒකත් මහ ගොඩක් .
එයාව ගන්න ඕනි ලෝබ කමට මම මගේ බලයෙන් එයාව වශී කරගෙන ලොකූ...
ඒත් එයා මට ආයේ ආදරේ කරේ නෑ ලොකූ.. මට ගොඩක් දුකයි..
මට බෝදී ඒ හීනේ ආදරේ කරේ නෑ ලොකූ..
එයා මාව ගොඩක් රිද්දුවා.
ෂාන්ගේ මුහුණ පුරා කඳුළු ගලා යන්නට වුනා...

"අනේ මගේ රත්තරං ඉතින් ඒ කලින් ආත්මෙනේ. අනික ඒක වැරදි වැටහීමක් බෝ බෝ ඔයාට ආදරෙයි ...

ලොකූ පුළුවන් තරම් ෂාන්ගේ හිත හැඳීමට උත්සහ කරන්නට විය...

" නෑ නෑ ලොකූ... එයා ආදරේ කරේ නෑ.. එයා මට ගොඩක් වෙනස්කම් කරා. අපි අතර තිබ්බ ආධ්‍යාත්මික බැඳීම පවා එයා බිඳලා දාන්න උත්සහ කරා..
අනේ ඇයි ලොකූ බෝ බෝ මට එහෙම ඒ ආත්මෙ සැලකුවේ..
මම කරේ එකම වරදයි...
එයාව බලෙන් ලබාගත්ත එක. මම එයාව රෝස ලෝකේ හිර කරගත්තා..
එයා එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා කිව්වා.
ඒත් මට මගේ බලයෙන් තේරුණා එයා බොරු කියනවා කියලා...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now