⚜️රන් මධුසමය (21+)⚜️

1.1K 199 194
                                    

The Lord Of Weito - Green Lord
.
.
.
.
.
.
.
.
කතාවට කලින් මෙන්න මේකටත් ඔයාලට ගොඩක් ගොඩක් ස්‍තූතියි ආදරෙයි .....♥️♥️♥️♥️♥️

උදෑසනම ෂාන් අවදි වූයේ දේව බබෙකුගේ හඩක් ඇසීම නිසාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


උදෑසනම ෂාන් අවදි වූයේ දේව බබෙකුගේ හඩක් ඇසීම නිසාය..
මුළු ඇගම තලා දැමූවක් මෙන් දැනුනේ පෙර දිනයේ වැඩියෙන්ම සිටගෙන සිටි නිසාවෙනි.
ෂාන් අපහසුවෙන් ඇස් විවර කල විට දුටුවේ රතු සළුවේ කොනක් උරමින් සිටින දේව බිළිඳාය.
පසුව තම පිටට පපුව හේත්තු කර තම ඉන වටා අතක් දවටා තද නින්දේ පසුවන යීබෝව දුටිවේය...

ෂාන්ට දැනුනේ තමා සම්පූර්ණ වූ බවකි.
දැන් තමාට දරුවෙක් මෙන්ම ස්වාමියෙක් ද සිටී ...
ෂාන් බබා අල්ලාගෙනම යීබෝ සිටි පැත්තට ගෙල මදක් හැරවූවේය..

දිගු ඇස් පිහාටු සුදුමැලි සම රෝස පැහැති දෙතොල් සහ ඝෘජු නාසය සහ ගාම්බීර පෙනුම නින්දේ පවා මනා ලෙස සම්පූර්ණවම පෙනුනි...

ෂාන් තම දබරැගිල්ල සෙමින් යීබෝගේ නලලේ සිට දෙතොල් දක්වා ඇදගෙන ආවේය...
බිළිඳා ෂාන්ගේ ඇදුම් කොන අල්ලාගෙනම නැවත නින්දේ පසුවිය..
දෙතොල් ලගට ගෙන ආ ඇගිල්ලට උණුසුමක් දැනුනේ යීබෝ එය ඔහුගේ මුව තුළට දාගත් නිසාය...

" අහ්ම්.... ෂාන්ගේ මුවින් කෙදිරියක් පිට වූයේ යීබෝ ෂාන්ගේ ඇගිල්ල මදක් උරමින් සෙමින් හපන්නට වූ නිසාය...
ඒත් සමගම එම ලා කොළ පැහැති දෑස් විවර වී ලස්සනට බැබලිණි...

'" ගුඩ් මෝනින් මගේ පැටියෝ..."
" ගුඩ් මෝනින් බෝ... " ෂාන් ලස්සනට සිනාසුනේය....

" හොර ගෙඩියා බබාව උස්සන් ආවා නේද....???"
යිබෝ සිනහවකින් ඇසූ විට ෂාන් යීබෝට තදින්ම රැව්වේය...

" බෝ ඒ ඔයාගේ බබානේ.. ඉතින් එයා අයිති වීනස්ට නෙවෙයි මට..."

" අනේ මැණික තේරුම් ගන්නකෝ මගේ පැටියෝ... එයා මං වගේම වෙයි ලොකු උනාම.. ඇත්තටම එයා මගේ අවතාරයක් ඒ කියන්නේ එයා මගේ එක් ස්වරූපයක්. ඒ මමම තමයි.
ඉතින් අපි එයාගේ අම්මයි තාත්තයි වෙන්නේ නෑ බබී...
ඔයා මගේ මමා නෙවෙයිනේ...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now