17 ( ශ්වේත මාළිගය )

708 164 20
                                    

The Lord Of Weito-( Green Lord 💚❤️ )

.
දාහත කොටස-17
( ශ්වේත මාළිගය )
.
.
.
යීබෝ ෂාන්ව ආරාවේ අවසාන කාලය තුළ දී හරහට ඔවසා ගත්තේය..
මොහොතකින් ආරාවෙන් පිටතට ඔවුන් විසි වුණු අතර යීබෝ එකවරම ෂාන් එලෙසින්ම රැගෙන තම ආධ්‍යාත්මික ශක්‍තිය මගින් ඉහලට පැන්නේය..

දෙදෙනා අඩි 10 ක් පමණ ඉහල සිට එකිනෙකා දෙස බලාගෙන සෙමින් සෙමින් පහලට බැස්සේය.. යීබෝ මලක් මෙන් ෂාන්ව පරිස්සමෙන් අල්ලාගෙන සිටියේය..

ඔවුන් පැමිණි ආරාව මතු වී තිබුනේ ස්වර්ග ලෝකයේ ශ්වේත මාළිගය තුළටයි..

ශ්වේත මාළිගය යනු ලෝඩ් වෙයිටෝගේ පෞද්ගලික නිවසයි..

ෂාන්ව බිම තැබූ වෙයිටෝ සෙමින් ෂාන් හොදින් දැයි පරීක්ෂා කරන්නට මෙන් ඇස් ෂාන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා රැගෙන ගියේය..

දෙදෙනාම දෙදෙනාගේ දිව්‍ය ස්වරූපයන්ට හැරී තිබුණු අතර සියලු ලෝක තුළින් බලවත්ම සහ ආධ්‍යාත්මික ශක්තිය වැඩිම ලෝකය මෙම ස්වර්ග ලෝකයයි..

දෙදෙනාගෙන් කිසිවෙකුට බලය රහිතව වුවත් තම දේව ස්වරූපයට පත් වීමට හැකියාවක් ස්වර්ග ලෝකය තුළ පවතී..

යීබෝ ෂාන්ගේ දේව රූපයට දැඩි ලෙස සිතින් ඇලුම් කල අතර ෂාන් මද වේලාවක සිට තමා අමතන බවක් වත් දැනුනේවත් නැත...

"වෙයිටෝ.. යීබෝ.. යීබෝ....  බෝ බෝ බෝ......................???"

" අහ්ම්ම්ම්... අහ්... යීබෝ පුදුම වූ දෑස් මතින් ෂාන් තමා අමතන අලුත් නමට ප්‍රතිචාර දැක්වීය..

"අහ්..... මාව වෙනස් වෙලා නේද?? අමුතුයි වගේ ද?

" පිස්සු.. එහෙම නෑ.. යීබෝ පවසා නැවත ඉවත බලා ගත්තේය ...

"බෝ අපි මේ කොහෙද??

" මොකක්ද ඒ නම.. මට එහෙම කතා කරන්න එපා..

" අහ්. හරි දේවයන්වහන්ස.. එසේය එසේය..

ෂාන් කට ඇද කරමින් යීබෝට සමච්චල් කරන්නට වූ අතර ෂාන් දෙතොල් පිට පෙරලා සිටින විට වඩාත් හුරුබුහුටි ලෙස ෂාන් දුටුව යීබෝ කට කොනින් සිනහා වන්නට වීය..

" අහ්ම්..හිනා වෙන්නත් පුළුවන් නේද..?
අපි මේ කොහෙද??

යීබෝ කෙලින් බලාගෙන , මේ මගේ මාළිගය..

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now