40- ( බලය පසුපස )

576 197 41
                                    

The Lord Of Weito - Green Lord...
.
.
(Vote 100 ක් උනා.. ඉතින් මම පොරොන්දු ඉෂ්ට කරා..😍 )
.
.
.
"ආරක්ෂාවන්න උතුමාණෙනි මොවුන් දේව හරයන් සහ මාශ , ලේ අනුභව කරන්නන්.."
මොවුන් හැදින්වෙන්නේ කාමභූතයන් ලෙසයි..

යූෂේන් වෙයිටෝ දෙස බලා කෑගැහුවේ ය...

" ඒකත් එහෙම ද.. ? වෙනත් වේලාවක නම් මා නුඹලා සමඟ හොදින් සටන් කරන්නෙමි.. නමුත් දැන් මා සිටින තත්වය බොහෝ වෙනස්..
මා හට අහිමිව ඇත්තේ මගේ එකම ප්‍රාණය වන අතර ඔහු බේරා ගැනීමට මට කාලය රන් හා වටී..
එම නිසා එය නාස්ති කිරීමට කිසිවෙකුට නොහැකියි..

" නුඹලා මා හට කාලය අරන් දෙන්න...
එතෙක් ඔවුන්ට කිසිවක් කිරීමට ඉඩ නොදී රදවාගන්න උත්සහ කරන්න..

වෙයිටෝ තම සියලු බලයන් ඒක රාශී කිරීමට පසෙකින් වාඩි වී තම දෑස් පියා ගන්නට විය..
මොහොතකින් විවිධ බල ආලෝකයන් සහිතව වෙයිටෝ දිව්‍යරාජයා දිදුලන්නට විය..
අනෙක් දෙවිවරුන් එම සුන්දර දර්ශනය හැකි සෑම විටම හැරෙමින් බැලූ අතර හයිකුආන් තම වේග බලය ආධාරයෙන් කාමභූතයන් දෙදෙනෙකු කඩුවෙන් කපා වෙන් කොට දැම්මේ ය...

හියුන්සන් තම සුළඟ පාලන බලයෙන් භූතයන් දෙදෙනෙකු ඈතට විසි කර හැරියේය...
නමුත් කැපී වැටුණු භූතයන් දෙදෙනා මොහොතකින් නැවත යා වුනු අතර සුළං කපාගෙන ඈතට විසි වුනු භූතයන් තිදෙනා හෙලකින් පහලට වැටුනේය...
ඉතුරු කාමභූතයන් විසින් සියලු දෙනා නැවත වට කරගත් අතර උන් රවුමට සෑදුණේය..
පසුව ගොදුරක් ඩැහැ ගන්නාක් සේ මැද කොටු වී සිටි දෙවිවරුන් වෙත කඩා පනින්නට විය ..

යූෂේන්ගේ ගෙලට පැන්න එක් භූතයෙකු උල් කට වැනි දත් බෙල්ලට තබා තද කර ලේ බීමට සැරසුනේය..
නමුත් මෙතෙක් වේලා නිහඩ භාවනාවක සිටි ග්‍රීන් ලෝඩ් විවිධ වර්ණවලින් පිරි බල ආලෝකයක් කාම භූතයන් වෙතට එල්ල කල අතර එක ක්ෂණයෙන් සියලු කාම භූතයන් දැවී කාල වර්ණ අළු බවට පත් වීය...

යූෂේන් තම පියාගෙන සිටි දෑස් විවර කර ගැහෙමින් තිබුණු පපුව අල්ලගෙන බිම වාඩි උනේ ය...

" අම්බෝව්..... තව මදක් හෝ ප්‍රමාද වූවා නම් ප්‍රාණය නිරුද්ධයි.."

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now