16 ( හදවත බිදීම )

685 164 11
                                    

The Lord of Weito-( Green Lord💚❤️)
.
.
දාසය කොටස-16
( Heart Broken )
.
.
.
වෙයිටෝ රෙදි කැබැල්ල අතැතිව ෂාන් පසුපස යන්නට වීය...

" ඔහොම ඉන්නවා..  කියලා ඉවර නෑ මම...

ෂාන් වෙයිටෝ දෙස නොබලාම දිව යන්නට වූ අතර වෙයිටෝ ෂාන් වෙත ඉක්මනින්ම ලගා විණි..

එකවරම ෂාන් ගසක මුලක පැටලී වැටෙන්නට ගිය අතර වෙයිටෝගේ  එක් අතක් ෂාන්ගේ හිස යටින් ද තවත් අතක් ඉන වටා බැද තිබුණි..
එකවරම පහලට පාත් වී දත්වලින් ෂාන්ගේ දෙතොල් තදින් අල්ලාගත්තේය ..

ෂාන් යීබෝගේ දෙතොල් ග්‍රහණයෙන් තම දෙතොල් මුදවා ගැනීමට දඟලන්නට වීය.

ෂාන්ගේ හුස්ම හිර වෙන තුරුම ග්‍රහණයෙන් මුදවා නොගත් යීබෝ මද වේලාවකට පසුව ෂාන්ව අතෑරියේය..

ෂාන් එකවරම හුස්ම ගැඹුරින් ගන්නට වීය...

දෙදෙනා දෑස් දෙස මද වේලාවක් බලා සිටියේය..

" ඇ....ඇයි.....ඔ..ඔ..යා..???

" අහනවා මෝඩයා... මට ඔයාව මගේ Soulmate කියලා මගේ කරගන්න ඕනි නෑ..

යීබෝ ෂාන්ව තම පපුවට තුරුළු කරගත්තේය ...

" මං ඔයා ගැන දන්නේ නෑ.. මම ඔයාව දන්නේ නෑ.. මට ඕනි නෑ ආත්මගත බැදීමක් කියලා කොටු වෙලා ඔයාව ලබාගන්න..

මට ඕනි ඔයා මට ආදරේ කරන්න.. මම ඔයාට ආදරේ කරන්න..
නමට තියෙන බැදීමක් මට ඕනි නෑ..

යීබෝ ෂාන්ව අත හැර එතනින් ඉවත්ව මාළිගය දෙසට යන්නට හැරුණේය.. මද දුරක් ගොස් නැවතී හිස පමණක් පැත්තට හරවා ,

" එනවා යන්න.. තෙත පිටින් ලෙඩ වෙයි... යීබෝ තම සීතල වදනින් ෂාන්ව පාලනය කරන්නට වීය..

ෂාන් තවමත් සිදු වූ දේවල් පිළිබදව සිතා ගැනීමට නොහැකිව සෙමින් සෙමින් ඉදිරියට පියවර තබමින් යීබෝට මීටර් 3 ක පමණ පසුපසින් ඇවිද යන්නට විය..

රෝස කැලය අතරට ආ දෙදෙනා දැන් සමාන්තරව ඇවිද සෙමින් ඉදිරියට ගියේය..

ෂාන් තවමත් යීබෝගේ සැපීම  මත සිතුවිලි යවමින් සිටින්නට විය.

" මෙයා මාව සිපගත්ත ද තරහට මාව හැපුවද..? මුවින් නොපවසා ෂාන් සිතෙන් සිතන්නට විය..

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now