01 ( Golden Life )

1.7K 221 13
                                    

The Lord of weito ( Green lord 💚💚 )
(පලමු කොටස-01

( Golden Life )
.
.
.
.
.
.
.
Lord weito යනු ආරක්ෂාවේ  දිව්‍යරාජයා ය...
ඔහුට ලා කොළ පැහැති දිගු ලෝගුවක් ද දිගු කඩා හැලෙන වරලසක් ඇත..
වරලස තද කොළ පැහැති පටියකින් කොටසක් ආවරණය කර තිබිනි...
ලා කොළ පැහැති තීක්ෂණ දෑස් යුගලක් සහ මෘදු රෝස පැහැති දෙතොලක් ද රන්වන් පැහැ සමකට ද උරුම කම් කියන මෙම Lord weito නිහඩව වතුර පිරුණු කුඩා තටාකයක් දෙස බලා සිටියේය...

එය පෘථිවි නිරීක්ෂණ කණ්නාඩියයි...( Earth observation mirror)
පෘථිවියේ ඉතා ගුණයහපත් මිනිස්සුන් අනපේක්ෂිත අනතුරුවලින් මිය යාමට මොහොතකට පෙර මෙම EO Mirror එක මත අනාගතය බලාගත හැකිය..

එම අනතුරු වැලැක්වීම සදහා වගකීම භාරව සිටින පුද්ගලයා වන්නේ මෙම Lord weito ය. .

Lord Earth ( පෘථිවි දිව්‍යරාජයා ) වෙත ඒවා වාර්තා කිරීම ද පසුව සිදුකල යුතු වගකීමක් වීය...

.
.
.
.
ලස්සන හිම පැහැති මල් ඔහු වටා තිබුනි...
කුඩා දිය ඇලි දසතම ඇදහැලුනි...

Haven place වට කරගෙන වලාකුළු පැතිර තිබුනි..
සුදු  හා පැටවුන් හැම තැනම දිව ගියේය..
කුරුල්ලන් සමනලුන් හිම පැහැති මල් අතර සැරිසරමින් සිටින්නට විය...

වර්ණවත් සමනලුන් හිම මල් මතින් පැණි බොන්නට ඌ අතර එමගින් මල්වලට වර්ණ එක්විය...

කුඩා වර්ණවත් කුරුල්ලන් හිම පැහැ ගස් අතර වැසූ අතර එම ගස් ද එම වර්ණ වැලදගත්තේය...

එය උදෑසන වර්ණ ගන්න ගන්නවන වේලාව බව Lord weito දැන සිටියේය..
ඔහුගේ අමරණීය ජීවිතයේ දකින සුන්දරම දර්ශනය මෙය විය ..

තටාකයෙන් බලන අතර තුර දී කුඩා හා පැටවෙකු පැමිණ weito ගේ කකුල මතට නගින්නට විය..

ඔහු එම කුඩා දෑ රැගෙන තම අත මත තබා හුරතල් කරන්නට විය..

තම මෘදු නාසය මත කුඩා හා පැටවාගේ නාසය ගෑවීය...

මද වේලාවකින් තටාකය කැලතීමට පත් විය...

Weito ඉක්මනින්ම කුඩා පැටවා බිම තබා ඒ දෙස බැලුවේය...

අනතුරක් දිස් වන්නට විය...

කුඩා දරුවෙකු ලොලි පොප් එකක් කමින්  තම මව සමග ඇවිද යන්නට විය...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now