49- (පාතාල ලොව වෙත)

528 187 54
                                    

The Lord Of weito - Green Lord

🌀කතාවට යන්න කලින් ඕතරීගේ හෑල්ලකට යමු...

මේක මගේ දෙවෙනි Yizhan ff එක. ඒත් මේකට පස්සේ පටන් ගත්ත ගොඩක් ff මම ඉවර කරා.
මේක ඉවර කරන්න පරක්කු උනේ හේතු කීපයක් නිසා..

එක මේක ලියන්න හිතන්න ඕනි.
සමහර ෆැන්ටසි තැන් විස්තර කරගන්න වචන අහුල ගන්නම සෑහෙන්න වෙලාවක් මට ගියා..
ඔලුවේ අදහස් ගලාගෙන ආවත් ටයිප් කරන්න වචනවලදී මාව හිර වුන අවස්ථා නැතුවා නෙවෙයි..
ඒත් ඒ තැන් පහු කරාම ආයේ ලියාගෙන යන්න පුළුවන් උනා..

ඊටත් වඩා මේ කතාවට ගොඩක් ආස අය හිටියා..
නම් වශයෙන් නොකිව්වත් අදටත් මම රිප්ලයි නොකරත් මට කමන්ට් කරන අක්කලා නංගිලා ඉන්නවා..

මට 27 යි.. ගොඩක් නංගිලා ඇත්තේ..
ඉතින් එයාලා මට ලොකු හයියක් මේ කතාව ලියන්න දුන්නා...
ඇත්තටම අතාරින්න අනන්තවරයක් හිතුනා මට. ඒත් ඉන්බොක්ස් එකේ හරි කතාව අහන ආදරණීය යාලුවො හිටියා..

මම කමන්ට් රිප්ලයි නොකරට ඔක්කොම බලනවා. පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා. ජොබ් දෙකක් කරන නිසා සමහරදාට බිසී...

කියන්න ඕනි මෙච්චරයි.. හැමදාම කතාව එක්ක ඉදලා මට හයියක් උන ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි ...😍

⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️

" බබී අපි නිදාගමු. "

යීබෝ ෂාන්ව තම තුරුළට ගෙන දෑස් පියාගත්තේය...
ෂාන් ද යීබෝගේ අඩ නිරුවත් පපුව තුළ මුහුණ හොවාගත්තේය ..

පාන්දර 3.00 පසු වීය..
මෙතෙක් වේලා අඩ නින්දක සිටි යීබෝ තම දෑස් විවර කලේය.
යීබෝ යින්ෂී කඩුව ඉන දරා ගෙන ෂාන්ගේ නලල දැනෙන නොදැනෙන ලෙස සිඹ කුටියෙන් පිටතට ගියේ ය...
පිටතට යන විටත් සුෂී හෙවත් ලොකූ පිටත වෙයිටෝ එනතුරු බලා සිටියාය ..

" උතුමාණෙනි ,

" ඔව් සුෂී..

" ෂාන් දැනුවත් කරන්න ඕනි නෑ කියලා ඔබ තුමාට විශ්වාසයි ද..????"

" ඔව්.. මම යන්නේ සටනකට නොවෙයි.
සාකච්ඡාවකට විතරයි..

" අනේ මංදා.. එහෙනම් කල්පනාවෙන් උතුමාණෙනි "

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now