28- ( කඩු සටන් ශිල්පය )

814 241 147
                                    

The Lord Of Weito - ( Green Lord )
.
.
.
.
" ෂාන්ටත් සටන් ශිල්පය මදක් හෝ හුරු වීමට සිදු වේවී...""
මාස්ටර් පවසන්නට විය..

ෂාන් බියට පත් වී තම අඩියක් පසුපසට ගත්තේය..

ඒත් යීබෝ ෂාන්ගේ අතින් අල්ලා ගත්තේය...

" බනී මම ඉන්නවනේ බය වෙන්න එපා....

ඒත් එක්කම එකවර අනු දෙවියෙක් මතුවීය.. ඔහු මාස්ටර්ගේ ප්‍රමුඛ පෙලේ ගෝලයකු විය.. මාස්ටර් විසින් ෂාන් පුහුණු කිරීමට ඔහුව යෙදවීය.

ෂාන් ලැජ්ජාවෙන් මිරිකී යීබෝ දෙස බලන්නට වූ අතර යීබෝ දෑසින් ඉගි කර ෂාන්ව සන්සුන් කලේය...

දගකාර හුරතල් ෂාන්ව සීතල නපුරු යීබෝගේ එක බැල්මකින් වෙනස් කිරීමට පුළුවන් වීය...

ෂාන්ට තවමත් තමා දෙවියෙකු යැයි කිසිදු හැගීමක් නොමැති අතර ඔහුට මේ සියල්ල සුරංගනා කතාවකි...
නමුත් යීබෝ යනු මුල සිටම වගකීම් සහගත දෙවිවරයෙක් වූ අතර සිදුවන සියල්ල ඔහුට ඉතා වගකීමක් සහ කාර්යයන් වීය...

යීබෝගේ සිත තුළ ගමන් කලේ ෂාන්ගේ නැති වී ගිය බලය නැවත ලබා දී ෂාන්ට අයිති ලෝකය වන රෝස ලෝකය පරිස්සමෙන් ලබා දීමයි...

පෙර භවය තුළ සියල්ල ෂාන්ට අහිමි වූයේ තමාගේ වරදවා වටහා ගැනීම නිසා යැයි යීබෝගේ හදවත පෑරී වරදකාරී හැගීම නිතර නිතරම ඔහුට සිහි වීය...

යීබෝට ඇත්තෙන්ම ෂාන් යනු මෘදු සුවද රෝසමලකි.....
එය පරිස්සමෙන් රැකීම ඔහුගේ වගකීම ලෙස ඔහු සිතූ අතර මේ සියල්ලම සිදු කරන විට ෂාන්ව තම දෑස් සේ පරිස්සම් කිරීමට ඔහු සෑමවිටම වගබලා ගත්තේය....

සටන් ඉරියව් කීපයක් ම යීබෝ මාස්ටර් සමග පුහුණු වන්නට වූ අතර එය බලය රහිතව මුලින් පුහුණු වූවත් බලය සහිතව පුහුණු වීමට අවසන් අදියරේ නියම වී තිබුනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සටන් ඉරියව් කීපයක් ම යීබෝ මාස්ටර් සමග පුහුණු වන්නට වූ අතර එය බලය රහිතව මුලින් පුහුණු වූවත් බලය සහිතව පුහුණු වීමට අවසන් අදියරේ නියම වී තිබුනි...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now