48- ( බල ආරක්ෂක පලිහ )

Start from the beginning
                                    

ෂාන්ගේ දෑස් තව තවත් රක්ත වර්ණයට හැරුණෙ ඔහු තව තවත් තම කාර්‍යයයට හිත යොමු කල නිසාවෙනි..
ඒත් සමගම එම රෝස මල කෙමින් කෙමින් පැහැය වෙනස් කරමින් හෝරාවන් තුනකට පසු සම්පූර්ණ රක්ත වර්ණය ගෙන රෝස ලෝකයේ ප්‍රධාන ආරක්ෂක ආවරණය වන රෝස ආරක්ෂක පලිහ ගොඩනැගීය..

ෂාන් අවසානයේ තම අත පහලට දමා දෑස් පියා ගන්නට විය...
මිනිත්තු කීපයකට පසු යීබෝ දුටුවේ තම ආදරණීයයාගේ සුපුරුදු කාලවර්ණ දෑසයි....

ෂාන්ගේ මුහුණේ විඩාබර ගතියක් නොමැත...
එහි ඇත්තේ තෘප්තිමත් හා සතුටු දායක හැඟීම් සමුදායකි...
ෂාන් ඉක්මනින් යීබෝ වෙතට ඇදී යන්නට විය...

" බෝ බෝ ඔයා දැක්කා නේද මාව...?????
කොහොමද මම නිකන් Super Man වගේ නේ.
මාව දැක්කම ඔයාගේ හක්ක පැන්නා නේද බෝ...

ෂාන් උඩ පැන පැන ඉස්සර වෙවී කියවන්ට වූවා..

"හරිනේ... දැන් ඉතින් මම ඉවරයි. අවුරුද්දක්වත් කියවයි එයාගේ හපන්කම්... "

යීබෝ සිතින් සිතුවා පමණි...

" බෝ බෝ කෝ අනේ කියන්නකෝ.. මම මරු නේද.. දැන් නියම දෙයියෙක් නේද කියන්නකෝ....

ෂාන් යීබෝ අඩියක් තියමින් ඉදිරියට යන ගානට යීබෝට ඉස්සර වී යීබෝ දෙස බලාගෙන පසුපසට යන්නට වුනා.

" ඔය ඉතින් පස්සෙන් පස්සට ගිහින් පස්ස තලාගන්න හදන්නේ වැටිලා.. බබී..."

" අනේ ඉතින් බෝ බෝ ඔයාට සතුටු නැද්ද.. ? ෂාන් එක ක්ෂණයෙන් මූන පුළුටු කරගන්නට හැදුවේය..

"හපොයි නෑ බබී.. ඔයා හරිම දක්ෂයි. මට ආඩම්බරයි වගේම ගොඩක් සතුටුයි මැණික...මගේනේ. "

යීබෝ තමාගේ හදවත වචනවලට පෙරළුවේය...

"අනේ බෝ බෝ.. ෂාන් ඇඹරෙමින් ඇගිලි සොලවමින් යීබෝ වෙත අවුත් යීබෝගේ පපුවේ ලෝගුව අස්සේ මුහුණ සැගවූයේය...

යීබෝගේ මුහුණේ සිනහවක් පිරුනේ ෂාන්ගේ සියලු කෝලම් තමා අසලදී වන නිසාවෙයි...
සැබැවින්ම ෂාන් මෙතරම් හුරතල් වන්නේ තම ලොකූ සහ යීබෝ අසලදි පමණි..
වෙනත් අය සමඟ ෂාන් නිහඩ වන අතර තමාගේ සිතට අල්ලන්නේ නම් පමණක් මදක් කතා කරයි.. නමුත් ෂාන්ගේ නසරාණි වැඩවල නම් උපරිමය දකින්නේ ෂාන්ට වචනෙන් හෝ අපහාස කරන ලද්ද උන් ය...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now