47- ( අනතුරක සේයාවන් )

Start from the beginning
                                    

ෂාන් ඉකි ගසමින් කියවන්නට වුණා...
ලොකූ ෂාන්ව තම පපුවට තුරුළු කරගනිමින් සෙමින් පිට අතගාන්නට වූවා.

"නෑ මැණික ඒක වැරදි වැටහීමක් විතරයි... එයා ඔයාට ආදරේ කරා එයා ගොඩක් ඇඩුවා. එයා ආවා ඔයාව බේරගන්න. ඒත් එයා පරක්කු උන එක වෙනම කතාවක් ඒත් එයා ඔයාට ආදරේ නැත්තේ නෑ...."
අනික බබා දැන් ඒ ආත්මේ ගෙවිලා ගිහින් නේ. ඕවා අමතක කරලා එයා එක්ක සතුටින් ඉන්න.එයාගේ පන ඔයා..
මේ තරම්.කල් එයා ඔයාව මාරම ආදරෙන් බලාගත්තානේ චූටි මැණිකෝ... "

" ඇයි මේ බබී..... මේ අතර ඈත සිට වේගයෙන් යීබෝ ෂාන් වෙතට පැමිණ ලං වන්නට උත්සහ කලේය...

" යන්න බෝ බෝ යන්න.. ඔයා මට ආදරේ කරලා නෑ. බොරු කරලා.. ඔයා මාව එපා කියලා...

ෂාන් ලොකූ දෙස බැලුවේ ඇයගෙන් ෂාන්ගේ හැසිරීම පිලිබදව විමසීමක් කිරීමටයි.
එහෙත් ඇයගේ දෑස් මත ද කඳුළු දුටු යීබෝ ෂාන්ව ඇද තමා වෙතට ගත්තේය...

"සන්සුන් වෙන්න මැණික... මගේ බබා.. මගේ පන ඔයාගේ...

යීබෝ ෂාන්ව තම පපුව මතට ඇදගත් අතර වැඩිහිටියා සිටිනවා යැයි නොසලකා හැර තම උඩු කය වස්ත්‍රය එහාට කරමින් නිරුවත් පපුව මදක් පාදා ගන්නට විය...
යීබෝ මෙතෙක් කල් ෂාන් වෙත ලබා දුන් දිව්‍ය ඖෂධය වූයේ තමාගේ උණුසුම් ගැහෙන හදවතයි...

ෂාන් හිමීට අඩ නිරුවත් පපුවේ නිරුවත සොයමින් මුහුණ එම පපුවේ ඒ මේ අත ගාන්නට විය..
ඉන් ලබා ගන්නා ලද පහස හමුවේ ෂාන්සේ සුසුම් සන්සුන් වී ෂාන් යලි පියවිසිහියට ආවේය...

" මගේ බෝ...

" ඔබ් මගේ බබී...??

" බෝ බෝ මට පපුව පැලෙන්න තරම් දුකක් ආවා බෝ.. ඔයා මාව ගිය ආත්මේ රිදවලා. මට ආදරේ කරලත් නෑ.. අනේ ඇයි බෝ බෝ ඒ...????"

යීබෝගේ මුහුණ ඉක්මනින් අදුරුවී ගියේය..
දේදුණු වළාවක් වසා ගත් කලුවලාවක් මෙන් එම දේදුණු මුහුණ අදුරු වූයේය..

" මට සමාවෙන්න බබී.. මම ලොකු වැරදි වැටහීමක ඒ කාලේ හිටියේ.. මම හිතුවේ ඔයා මාව සෙල්ලමකට අරන් මට වංචා කරා කියලා..
අනික මම අර පාතාල ලෝකයේ ගැහැණු වෙස් ගත්ත ගෝනුස්සා නිසා ඔයා ගැන වරදවා හිතුවා..
ඉතින් මම ඔයාව දිගටම ප්‍රතික්ෂේප කරේ කිසිම හදවතක් නැතුව.
අත්තම කිව්වොත් මම හිත යටින් ඔයාට ගොඩක් කැමැත්තෙන් ඉදලා.
ඒත් මගේ තිබ්බ මාන්නය නිසා මම ඒක පිළිගන්න කැමති වුනේ නෑ..
ඉතින් මම හරියටම එතනදි ඔයාට බලහත්කාරකමක් හා ශාපයක් උනා කියලා දැනගත්තේ ස්නේක් මාස්ටර්ගෙන්.එතකන් මම වැරදිවැටහීමක හිටියේ...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now