40- ( බලය පසුපස )

Comenzar desde el principio
                                    

" නුඹට බොහෝම ස්තුතියි උතුමාණෙනි , "

යූෂේන් නැමී වෙයිටෝට ගෞරවය පුද කරන්නට විය...

"ස්තූතිය අනවශ්‍යයි.. අපි යමු.. ඉක්මනින්ම රෙඩ් සොයාගත යුතුයි.."

සියලු දෙනා ඉක්මනින් පයින් ගමන් කරන්නට විය..
නමුත් විලෝපිත කැලය තුළ පැමිණි දොරටුවෙන් නැවත පිටවිය නොහැකි අතර පිටවීම දුෂ්කර වන්නේ ය..

වෙයිටෝ තම බලයෙන් බල ආරාවක් සකස් කොට පිටවීමේ දොරටුව අසලට සියලු දෙනා එකවර රැගෙන ගියහ...
නමුත් සියලු දෙනා නැවතුනේ පිටවීමේ දිරටුව සහිත ගුහා දොරකඩක් වෙතටයි...
වෙයිටෝ එයට ඇතුළු වූ අතර සියලු දෙනා ඔහු අනුගමනය කරන්නට විය...

වෙයිටෝ එයට ඇතුළු වූ අතර සියලු දෙනා ඔහු අනුගමනය කරන්නට විය

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

" පරිස්සමෙන් අවධානයෙන් පැමිණෙන්න...කුඩා ශබ්දයකට හෝ අවධානට යොමු කිරීමට මතක තබා ගන්න...

ඈත පේන ශ්වේත වර්ණ ආලෝකය කරා ඔවුන් ලං වන්නට වූ අතර යීබෝට ෂාන් නොමැති පාලුව නිසා හදවත කැකෑරෙමින් රිදුම් දෙන්නට විය..
නමුත් අනෙක් දෙවිවරු ඉදිරියේ තමා අනාගත ලෝක පාලක දෙවියන් වන අතර හැඬීම වැලපීම දුර්වල වීම එයට කැප නැත...
එම නිසා යීබෝ ඉවසා දරා සිටියේ කෙසේ හෝ ෂාන්ට බලය ලබා දී බලාපොරොත්තු ඉටු කර ගැනීමටයි...

ඉදිරියෙන් ගමන් කල නිසා වෙයිටෝ හෙලන කඳුළු කිසිවෙකු දුටුවේ නැත.
වෙයිටෝ තම පිටි අත්ලෙන් තම කඳුළු පිස දමා ගත්තේ ය..

⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️

"බෝ බෝ හදිසියේවත් මාව කැලේදී නැති උනොත් බෝ මාව හොයාගන්න ද බෝ..???

දිනක් සයනයේ දී ෂාන් තම පපුව මත හිස තබාගෙන පපුව පිරිමදිමින් ඇසූ දෙය මතක් වී යීබෝ තම කඳුළු නැවත අලුත් කරගන්නට විය...

The Lord of Weito-(YizhanFF✔️🔚)Donde viven las historias. Descúbrelo ahora