13 ( 2500 රහස )

Start from the beginning
                                    

" මම සේරම ඔයාට පැහැදිලි කරන්නම්.. ඒත් මේ අවස්ථාව තවත් මට මග අරින්න බෑ..

Rose place තවත් අනතුරට පත් වෙනවා මේ නිසා..

ෂාන් ප්‍රශ්නාර්ථයකින් ලොකූ දෙස බලා සිටියේය...

" එන්න ලගට .. ඇය සිංහාසනය දෙසට හැරිනි..

එකවරම දොරටුවෙන් සමනලුන් , හාවන් ,මුවන් , කුරුල්ලන් , සියයකට අධිකව ඇතුලු වී ශාලාව පිරෙන්නට විය...

දේදුනු කිරණ දසත පැතිරෙන්නට  වූ අතර ලොකු තම අතකින් එම එලිය තම අතට ගෙන ඔටුන්නට ඇතුලු කලේය..

එකවරම සියලුම සතුන් රතු ලෝගු ඇදි මිනිසුන් බවට පත් වූයේය..
ඔවුන් පිළිවෙලකට පෙල ගැහුණු අතර සුෂී තම අත ඇති ඔටුන්න ෂාන්ගේ හිස මත පැලැන්දවීය...
ෂාන් තම දෑස් පුදුමයට හරවා ගත් අතර යීබෝ ෂාන් ඔටුන්න සමග වඩ වඩාත් කඩවසම් යැයි සිතමින් සිටියේය...

" ලොකූ ..............ඇයි මේ..............????

වටේම සිටි මිනිසුන් සහ යූෂෙන් ෂාන් ඉදිරියේ දණ නමා ගෙන එක අතක් පිටුපසට තබාගෙන සෘජුව බලා සිටියේය...

සුෂී ද ෂාන් ඉදිරියේ දණ ගසා ගත් විට නම් ෂාන්ගේ දෑස් මගින් කදුලක් එලියට පැන්නේය...

" ඇයි මේ....????
ෂාන් යීබෝ දෙස බැලූව ද යිබෝ වටේ සිටි මිනිසුන් දෙස බලා සිටින්නට විය.

"Red Rose  උතුමාණෙනි ...,
අපේ ගෞරවය පිළිගන්න...
අවුරුදු 1800ක පමණ සිට අරාජිකව තිබූ අපේ රෝස ලෝකය නැවත ගොඩනගනු මැනවි උතුමාණෙනි...

" දීර්ඝ කාලයක් වැජඹේවා........! ////////////////

එම කෑගැසීම් ෂාන්ගේ කන් පුරා දෝංකාර දෙන්නට විය...

යීබෝ සහ ෂාන් පුදුමයෙන් බලා සිටි අතර සුෂී පිරිසට ඉගි කරමින් ඔවුන් පිටත් කර හැරියේය...
ෂාන් සියලු දෙනා ඉදිරියේ අපහසුතාවයෙන් සිටි නිසා කකුල් පන නැති වී වැටෙන්නට ගිය අතර ෂාන් යීබෝගේ උරහිසට බර වීය...

සුෂී පැමිණ ෂාන්ගේ අතින් අල්ලා ගත්තේය.. හතර දෙනා කෙළවරක තිබූ විශාල වට මේසයක් වටා වාඩි වීය...

ෂාන් එම මේසය මත තම හිස තබාගත් අතර සුෂී ෂාන්ගේ හිස මත අත තබමින් කතා කරන්නට වීය...

" චූටි මැණික  ... මම දන්නවා ඔයාට මේ දේවල් අදහා ගන්නවත් බෑ කියලා..
මේ තමයි චූටි ඔයාගෙ ඇත්තම ඇත්ත ස්වරූපය...
ඔයාගෙ ඔලුව ටිකක් උස්සන්න.. මේ බලන්න....

සුෂී ෂාන්  දෙස ආදරයෙන් අමතන්නට වීය...

මම ඔයාට සේරම මුල ඉදලා අගටම කියලා දෙන්නම් මැණික.. ඇයට තාමත් ෂාන් තම හුරතල් දරුවා වීය..

ෂාන් තම හිස සෙමින් ඔසවා තම ලොකූ දෙස බලන්නට වීය....

අහන්න මගේ මැණික.. ඔයාට මං චූටි කාලෙ කියලා දුන්න පුරාවෘත්තය ඔයාගෙ පුරාවෘත්තයයි...

ඒකෙ ඉන්න Red Rose King ඔයයි..

මේ ළඟ ඉන්නේ Lord weito ඔයාගේ ආත්මීය සහකරු යි...

මේක වසර 2500ක් දීර්ඝ කතාවක්.. මම ඔයාට මුල ඉඳලාම සේරම කියන්නම්...

පුරාවෘත්තය විතරක් නෙවෙයි.. ඔයා ආපහු Rose place එන්න තවත් හේතු ගොඩක් තියනවා.....
.
.
.

.
.
.
මතුසම්බන්ධයි 💚💚❤️
( prabu )

*SpNotes:- ඔන්න බෝනස් දුන්නා. අලුතෙන් පේජ් එකෙන් හදන වෙලාවල්වල කතාව දෙන්න දිගටම උපරිම උත්සහ කරනවා..

ඔයාලා කතාව පිළිවෙලකට කල්පනාවෙන් කියවන්න.. නැත්නම් මේ කතාව තේරෙන්නේ නෑ..

කතාව රසවිදින්න.. ලයික් කමන්ට් කරන හැමෝටම ස්තූතියි ❤️♥️💚

🚫 මෙම කතාවේ සියලු අයිතිය කර්තෘ සතු වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ වෙනත් තැනක පලකිරීම සපුරා තහනම්....🚫







The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now