ජේකේ....උබ නිදිද...සෝෆා එකට වෙලා ගුලි වෙලා හිටිට ජේකේට තට්ටුවක් දාන ගමන් ලීයන්ග් ඇහැවා...
ආ උබ ආවද ...මට ටිකක් නින්ද ගියා කියන්නකෝ...
මොකද ඇසුත් එක්ක රතුවෙලා...මූනත් හරි නෑ...මොකක් හරි අවුලක්ද ජේකේ...ලීයන්ග් ඇහැවේ ජේකේ ගාවින්ම ඉදගන්න ගමන්...
අහ් මේ ඔලුවේ කැක්කුමක් බන් ඒකයි .. ජේකේ ලීයන්ග්ට කටට ආපු බොරැවක් කියලා දැම්මා...
ඒක නෙවෙයි ජේකේ මේ රෑ හදිසියේම මට එන්න කිව්වේ මොකක් හරි අවුලක්ද....
අහ් ...ටිකක් හදිස්සිනම් තමා ...උබලගේ අය්යා ලෝයර් කෙනෙක් නේද...මට හදිසි වැඩ වගයක් තියෙනවා අය්යට කියලා ඉක්මනටම කරගන්න පුලුවන් වෙයිද...
මොකක්ද බන් එච්චර හදිසි වැඩේ ලීයන්ග් ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන....
ජේකේ ලීයන්ග්ගේ අය්යට කියලා එයාට කරගන්න ඕනි දේ ගැන ලීයන්ට කෙටියෙන් කියලා දැම්මා.....
ම්.....ඒකත් එහෙමද ....හිටපන්කෝ මං අය්යට කෝල් එකක් අරන් දෙන්න උබම අහපන් මට ඕවා තේරෙන් නෑ ...එහෙම කියනමං ලීයන්ග් එයාගේ අය්යට කෝල් එකක් අරන් ජේකේට දුන්නා...
ලීයන්ග්ගේ අය්යා එක්ක ටික වෙලාවක් කතා කර කර හිටපු ජේකේ ෆෝන් එක කට් කරේ ලොකු ප්රශ්නයක් විසදුනා වගේ සුසුමක් පිටකරන ගමන්....
මොකද අය්යා කිව්වේ ජේකේ....වැඩේ කර ගන්න පුලුවන්ලුද..ලීයන්ග් ඇහුවේ කුතුහලයෙන් ...
හෙට උදේට එන්න කිව්වා...අවුලක් නෑ ඉක්මනටම කරගන්න පුලුවන් වෙයි කිව්වා....
අනේ මන්දා බන් උබ මේකරන වැඩ මට තේරෙන් නෑ...ලීයන්ග් කිව්වේ ව්‍යාකූල ස්වරයෙන් ....
ඒවා ගැන උබ හිතන්න එපා..මගේ ස්පෝට් ක්ලබ් එක හොදට බලාගනින්කෝ මට ඒ ඇති ජේකේ කිව්වේ ලීයන්ග්ගේ කරට අතකුත් දාන ගමන් .....
ටික වෙලාවක් එයා එක්ක කතාවක් දාගෙන හිටපු ලීයන්ග් ගියාට පස්සේ ජේකේ ඇදට ගියේ නිදාගන්න හිතාගෙනයි....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
