ඩොක්ටර් ....ඔයාට මියුන්ජි මැඩම් චුට්ටකට ඇවිත් යන්න කිව්වා...නර්ස් කෙනෙක් ඇවිත් rm ට කතා කරා....
ඕකේ මිස්...මං ගිහින් බලන්නම් ....ජිමිනා මොකක් හරි අවුලක් ගියොත් මට කතාකරපන් ඈ.. rm ජිමිනට එහෙම කියන ගමන් OPD එක පැත්තට ගියා....
ඔයාලගෙන් කාට හරි මාත් එක්ක එන්න පුලුවන්ද... පේෂන්ගේ details වගයක් ගන්න තියෙනවා.. rm ට පනිවිඩය කියන්න ආපු නර්ස්, ජේකේයි ජිමිනුයි දිහා බලන ගමන් කිව්වා....
හරි මං එන්නම් නර්ස්...ජිමිනා ටක් ගාද්දී වීගේ details දෙන්න යන්න ඉදිරිපත් උනේ icu එක ලගට වෙලා තවත් වී දුක් විඳිනවා බලන් ඉන්න බැරි නිසයි...
ජේකේ....ඔයා අවුලින්ද...ජිමින් ඔයාට ගහන්න ඇත්තේ හිතේ වේදනාවට...ඔයා දුක් වෙන්න එපා .. හැමදේම හරියයි..අය් යූ පුටුවට වෙලා ඇස් වල කදුලුත් පුරවන් කල්පනා ලෝකෙක ගිලිලා හිටිය ජේකේට කිව්වා
ජිමිනා වැරදි නෑ අය් යූ...මමයි හැමදේම මුල ජේකේ කිව්වේ දිග සුසුමක් පිට කරන ගමන්...
ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා.. ජේකේ හැමදේම ඉක්මනටම හරියයි....ඉන්නකෝ මං ඔයාට බොන්න මොනා හරි අරන් එන්නම්..අය් යූ ජේකේට එහෙම කියන ගමන් කැන්ටින් එක දිහාවට ඇවිදගෙන ගියා....
ටික වෙලාවකින් ජේකේ icu එක ළඟ තනිවෙද්දී, පුටුවට වෙලා හිතුමතේ අඩන්න ගත්තේ වීට වෙච්ච දේට වගකියන්න ඕනි එයා කියලා දන්න නිසා...
ඔයා පේෂන්ගේ කවුරැ හරිද..පේෂන්ට දැන් සිහිය ආවා....කැමතිනම් ගිහින් කතා කරන්න ...හැබැයි වැඩි stress එකක් දෙන්න එපා..
නර්ස් කෙනෙක් ඇවිත් ජේකේට එහෙම කියද්දී ජේකේ icu එක ඇතුලට දිව්වේ කියාගන්න බැරි සතුටකින්.....
icu එකේ ඇදට වෙලා හිටිය වී අමාරැවෙන් ජේකේ දිහා බලද්දී ,ජේකේට වී එක්ක වචනයක්වත් කතා කර ගන්න බැරි උනේ වේදනාව වැඩි කමටයි...
ඒත් එක්කම ජිමිනුත් වීගේ ඇද ලගට දුවන් ආවේ ඇස් දෙකේ කදුලුත් පුරවගෙන...වී පැටියෝ ඔයාට දැන් හොදයි නේද... ජිමින් එහෙම අහන කොට එකපාරටම ඇදෙන් නැගිට්ට වී ජිමිනව පුලුවන් තරම් හය්යෙන් බදාගත්තා...
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
