ජිමින් කම්මුල කිස් කරලා වීගේ මූන දිහා බලද්දී වී එකපාරටම පුටුවෙන් නැගිට්ටේ එයාගේ හැගීම් අයාලේ යයි කියලා බය හිතුනු හින්දා....
අපි යමු මෝචියෝ, මට බයයි මගේ හැගීම් පාලනය කර ගන්න බැරිවෙයි කියලා.. යාලුකමට එහා ගිය බැදීමක් අපේ අතරේ තිබ්බත් ඒක ආදරේට හරවන්න අපිට කවදාවත්ම බෑ මෝචි...මගේ ආදරේ මං ජේකේට දීලා ඉවරයි...ඒ හින්දා හොදම දේ තමා අපි
හැගීම් වලට වහල් වෙන් නැතුව අපේ සීමාවේ ඉන්න එක....වී හිතේ තිබ්බ හැමදේම කියලා දැම්මේ මොන දේ උනත් යතාර්ථයට මූන දෙන්න ඕනි උන නිසා......
මාත් එක්ක තරහද.. ....මට ජේකේව රිද්දන්න බෑ මෝචියෝ....මට තේරෙන් නෑ මේවා..මට සමාවෙන්න මේ හැමදේටම...බයික් එකේ වචනයක්වත් කතා කරන් නැතුව යන ජිමිනගේ උරහිසට මූනත් තියාගෙන වී අඩන්න ගත්තා
ම්....වී ඔයා අඩනවද ජිමිනා පාරේ අයිනට කරලා බයික් එක නවත්තලා බැස්සේ හය්යෙන්ම වී ඉකි ගහන සද්දේ ඇහුන නිසා....
මේ අහන්නකෝ වී...ඔයා දැන් මොකටද අඩන්නේ...ඔයා කියපු දේ හරි ...මට තිබ්බා ඔයා ගැන මොන හැගීමක් තිබ්බත් ඒක අතාරින්න... ඔයා අයිති මගේ හොදම යාලුවාට කියලා හිතන්න...ඒත් මං මොකක්ද කරේ ඒ හැමදේම දැනගෙනත් ඔයාව අසරණ කරා...මගේ හොදම යාලුවට අයිති ආදරේ මං බලෙන් උදුර ගන්න හැදුවා...ආයේ කවදාවත්ම එහෙම වෙන් නෑ වී.. අද ඉදන් ඔයා තමා මගේ පොඩි මල්ලී..කෝ දැන් අඩන්න එපා ඉතින්, මන් කැමති නෑ මගේ මල්ලිගේ ඇස් වල කදුලු දකින්න...අනික ජේකේ දැන ගත්තොත් මං එයාගේ කොල්ලාව අඩවව්වා කියලා මාව හම ගහයි... වීගේ ඇස් වල කදුලු පිහ දාන ගමන් ජිමිනා කිව්වා...
මෝචි ....ඔයා මේ මටමද මල්ලි කියලා කිව්වේ... ඔයාගේ හැගීම් එක්ක සෙල්ලම් කරාට මට සමාව දෙනවා නේද..මාත් එක්ක තරහ නෑ නේද....ඔයා තමා මේ ලෝකේ හොදම අය්යා වී එහෙම කියන ගමන් ජිමිනව බදාගත්තේ සතුට වැඩි කමට....
ඔච්චර බටර් ගාන්න එපා මාව ලිස්සයි... කෝ ඉතින් දැන් බයික් එකට නගින්නකෝ...ජේකේ බලනවා ඇති මෙච්චර පරක්කු ඇයි කියලා..ජිමිනා කිව්වේ වීගේ කම්මුලකුත් මිරිකන ගමන්......
ජේකේ ගෙදර ඇවිත් නේද.....ජිමිනා බයික් එක නවත්තන ගමන් කිව්වේ ජේකේගේ කාර් එක දිහා බලාගෙන....
ŞİMDİ OKUDUĞUN
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romantizmනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
